Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

09th March 2022 18:10:16 Hours

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානිගේ යුද්ධ හමුදා යුධොපකරණ කර්මාන්ත ශාලාව සංචාරය වේයන්ගොඩ

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ යුද්ධ හමුදා යුධොපකරණ කර්මාන්ත ශාලාව වේයන්ගොඩ සංචාරය 2022.02.24 වන දින සිදු කරන ලදී.

යුද්ධ හමුදා යුධොපකරණ කර්මාන්ත ශාලාවේ වැ:බ නියෝජ්‍ය සේනාවිධායක ලුතිතන් කර්නල් ඩබ්කේඑස්පි වලකන්ද යුඑස්පි ඒටිඕ එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි පිළිගන්නා ලද අතර, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ මාස්ටර් ජෙනරල්, ආඥාපති භකාස අණසක, යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකු ද සහභාගි විය.

මෙහිදි යුද්ධ හමුදා යුධොපකරණ කර්මාන්ත ශාලාවේ වැ:බ නියෝජ්‍ය සේනාවිධායක විසින් එහි නිශ්පාදන ක්‍රියාවලියන් පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදු කරන ලද අතර, කඳවුරු සංචාරය අතරතුරදී නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි විසින් නිමි ඇඳුම් නිශ්පාදන අංශය, පාවහන් හා අත්යන්ත්‍ර හා රෙදිපිළි නිශ්පාදන අංශය, හණෝපකරණ නිශ්පාදන/අළුත්වැඩියා අංශය, යකඩ ඇඳන් නිශ්පාදන අංශය, කම්මල් අංශය පරීක්‍ෂා කරන ලදී. සංචාරය අතරතුර නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි විසින් මඅපග හි පතුරොම් නැවත පිරවීමේ අංශය සහ රතිඤ්ඤා හා ගිණිකෙලි නිෂ්පාදන අංශය පරීක්‍ෂාකල අතර නිෂ්පාදිත රතිඤ්ඤා හා ගිණිකෙලි ප්‍රායෝගිකව පරීක්‍ෂා කරන ලදී.

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි විසින් අවම සම්පත් ප්‍රමාණයක් හා අවම මිනිස් ශ්‍රමයක් යොදාගෙන වත්මන්ව උසස් මට්ටමකින් කඳවුර පවත්වාගෙනයාම සඳහා දරණ ලද උත්සාහය පිළිබඳව ප්‍රශංසා කරන ලදී.