Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

11th March 2022 10:06:56 Hours

නව අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්ඩිපීකේ විතාන පිඑස්සී ඒඒටීඕ සිය රාජකාරී අරඹයි

මේජර් ඩබ්ලිව්ඩිපීකේ විතාන පිඑසිසී ඒඒටීඕ වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 13 වන අණදෙන නිලධාරි ලෙස මාර්තු 04 වන දින සුභ මොහොතින් නව තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.

3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය වෙත සපැමිණි මේජර් ඩබ්ලිව්ඩිපීකේ විතාන පිඑසිසී ඒඒටීඕ වෙත හමුදා සම්ප්‍රදානුකූලව කඳවුරු සම්මාන මුරයන් පිරිනමනු ලැබීය. එම අවස්ථාව සිහිවනු වස් ඒකකයේ පැලයක් රෝපණය කරන ලදි.

නව අණදෙන නිලධාරි ආගමික වතාවත් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි අරඹන ලද අතර සියළු නිළයින් අමතමින් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායෙහි මතකය ආවර්ජනය කර ඒකකයේ අභිමානවත් ප්‍රතිරූපය ඉහල නැංවීම සඳහා ඒකකයක් වශයෙන් ලබා දී ඇති ප්‍රගතිය/විනය හා පුහුණුව තුලින් ඉදිරියට යායුතු බවත් විශ්‍රාමික නිලධාරි/සෙසුනිලයින් සිදූකලා වූ අපරිමිත සේවය වෙනුවෙන් සිය කෘතඥතාපූර්වක ස්තූතිය පුදකර සිටියහ. එමෙන්ම ඒකකයේ අනාගත දැක්ම සඳහා සියළු නිලයින්ගේ හා සිවිල් කාර්යය මණ්ඩලයේ සහයෝගය බලාපොරොත්තු වන බැව් තවදූරටත් ප්‍රකාශ කරන ලදි.