Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

08th January 2020 11:13:10 Hours

නව අණදෙන නිලධාරි වශයෙන් මේජර් ඩබ්එම්එස්එම්බී වන්සේකර සියධූරයේ රාජකාරි අරඹනු ලබයි.

නි/64327 මේජර් ඩබ්එම්එස්එම්බී වන්සේකර 4(සෙව්) ශ්‍රීලයුයුබ ඒකකයේ අණදෙන නිලධාරි ලෙස 2020.01.01 දින රාජකාරි ආරම්භ කරන ලදි.

නව අණදෙන නිලධාරි වෙත 4 වන රෙජිමේන්තුවෙහි දෙවන අණදෙන නිලධාරිතුමා ඇතුළු සියළු දෙනාගේ ප්‍රධානත්වයෙන් මුර පිරික්සුමක් පිරිනමනු ලැබීය.

නව ඒකක අණදෙන නිලධාරි මේජර් ඩබ්එම්එස්එම්බී වන්සේකර මහා සංඝරත්නයේ ආශීරවාදය සමගින් ආගමික වතාවත් ඉටු කරමින් පළමු ලිපියෙහි අත්සන තබා සියධුරයේ රාජකාරි ආරම්භ කර අතර එම අවස්ථාව සිහි වීම පිණිස කදවුරු භූමියේ පැළයක් රෝපණය කරන ලදි.

නව ඒකක අණදෙන නිලධාරි තුමා විසින් සියළු නිලයින් අමතමින් ඒකකයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කළයුතු වැඩපිළිවෙල හා නිලධාරි/සෙසුනිලයින්ගේ වෘත්තීමය දැනුම වැඩි දියුණු කරගත යුතු ක්‍රමවේදය පිළිඹද පැහැදිලි කල අතර මේ දක්වා මෙම ඒකකය නගාසිටුවීමට කැපවීමෙන් රාජකාරි ඉටු කර නිලධාරි/සෙසුනිලයින් හට කෘතඥතාවය පුද කරන ලදි.