Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

21st February 2020 13:09:15 Hours

නව අණදෙන නිලධාරි මේජර් එස්ඩී රංගේ යූඑස්පී ඒඒටිඕ එල්එස්සී ශ්‍රීලයුයුබ සිය දූරයේ රාජකාරි අරඹයි.

‍ෙම්ජර් එස්ඩී රංගේ යූඑස්පී ඒඒටිඕ එල්එස්සී ශ්‍රීලයුයුබ 5 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායෙහි 7 වන අණදෙන නිලධාරි ලෙස 2020 පෙබරවාරි මස 17 වන දින සුභ මොහොතින් නව තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.

5 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය වෙත සපැමිණි මේජර් එස්ඩී රංගේ යූඑස්පී ඒඒටිඕ එල්එස්සී ශ්‍රීලයුයුබ වෙත හමුදා සම්ප්‍රදානුකූලව කඳවුරු සමිමාන මුරයක් පිරිනමනු ලැබ්ය. එම අවස්ථාව සිහිවනු වස් නව අණදෙන නිලධාරී විසින් පැලයක් රෝපණය කරන ලදි.

නව අණදෙන නිලධාරි ආගමික වතාවත් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි අරඹන ලදි. නව අණදෙන නිලධාරි තුමන් සියළු නිළයින් අමතමින් 5 වන රෙජිfම්න්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායෙහි අභිමානවත් ප්‍රතිරූපය ඉහල නැංවිම සඳහා ඒකකයක් වශයෙන් ලබා දී ඇති ප්‍රගතිය/විනය හා පුහුණුව තුලින් ඉදිරියට යායුතු බවත් විශ්‍රාමික නිලධාරි/සෙසුනිලයින් සිදූකලා වූ අපරිමිත සේවය වෙනුවෙන් සිය කෘතඥතාපූර්වක ස්තූතිය පුදකර සිටියහ. එමෙන්ම ඒකකයේ අනාගත දැක්ම සඳහා සියළු0 නිලයින්ගේ හා සිවිල් කාර්ය්‍ය මණ්ඩලයේ සහයෝගය බලාපොරොත්තු කරනු ලබන බැව් තවදූරටත් ප්‍රකාශ කරන ලදි.