Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

06th December 2019 08:23:30 Hours

දකුණු ආසියානු මුෂ්ඨි ප්‍රහාර තරඟාවලිය - 2019 සඳහා සුදුසුකම් ලැබූ සෙ/602666 ලා/කෝ මධුරංග පිඩිඩි ක්‍රීඩකයාට රෙජිමේන්තුවේ සුභාෂිංසන

2019 දෙසැම්බර් මස 01 දින සිට 10 දින දක්වා නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු තරඟාවලිය සඳහා මුෂ්ඨි ප්‍රහාරක කණ්ඩායම නියෝජනය කිරිමට මෙම රෙජිමේන්තුවේ සෙ/602666 ලා/කෝ මධුරංග පීඩිඩි යන ක්‍රීඩකයා සුදුසුකම් ලබා ඇත.

මොහු 1987 අප්‍රේල් මස 13 වන දින උපත ලබා හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යා පිඨියේ අධ්‍යාපනය ලබා 2017 මාර්තු මස 05 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ආධුණික සෙබලෙකු වශයෙන් බැදි වර්තමානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය යටතේ පුහුණු විම් වල නිරතවෙම්න් සිටි .

මොහු 2017 හා 2018 වර්ෂ වල ජාතික හොඳම මුෂ්ඨි ප්‍රහාරක ක්‍රිඩකයා ලෙසද සුදුසුකම් ලබා ඇත.

වෙනත් දක්‍ෂ්තා

  • හොදම මුෂ්ඨි පුහාරක - 2016 ජාතික ක්‍රිඩා උත්සවය.
  • තෙවන ස්ථානය - 2015 ක්ලිපට් කුසලානය.
  • ප්‍රථම ස්ථානය - 2018 ලිනට් කුසලානය.
  • දෙවන ස්ථානය - 2018 ක්ලිපට් කුසලානය.
  • දෙවන ස්ථානය - ජාතික ශුරතාවය‍.

මෙම ක්‍රීඩකයා හට 2019 වර්ෂයේද ජයග්‍රහණය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා කර්නල් සේනාවිධායක ඇතුළු සියළු නිලයින්ගේ සුභාශිංසන මින් පිරිනමමි.