Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

22nd March 2021 20:26:12 Hours

ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 58 ක් උපකරණ පාලන ජ්‍යෙකොනොනි පාඨමාලාව අංක 66 සාර්ථකව නිම කරන ලදී

යුධොපකරණ පුහුණු පාසල වෙතින් පවත්වන ලද උපකරණ පාලන ජ්‍යෙකොනොනි පාඨමාලාව අංක 66 යුද්ධ හමුදාවේ විවිධ ඒකක වල ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 58 ක් 2021.03.16 දින සාර්ථකව නිම කරන ලදී.

එම උත්සව අවස්ථාවට ආරාධිත අමුත්තා ලෙස යුධොපකරණ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජගත් ගමගේ යුඑස්පි ඒඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වු අතර, යුධොපකරණ පුහුණු පාසලේ වැ:බ සේනාවිධායක ලුතිතන් කර්නල් තරංග සිල්වා යුඑස්පි ඒටිඕ එල්එස්සි විසින් එතුමන් පිලිගන්නා ලදී.

යුධොපකරණ පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක මේජර් සඳුන් දිලන්ත පිඑස්සි ඒටිඕ, ජ්‍යෙෂ්ඨ උපදේශක මේජර් කසුන් ගමගේ, සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් මේ අවස්ථාව සඳහා සහභාගි වන ලදී. පාඨමාලාවේ දක්‍ෂතම සිසුවා වශයෙන් සෙ/628668 මාණ්ඩලික සැරයන් ජයකොඩි ජේ ඒ එස් බි - 8 ශ්‍රීලවියාඉ සම්මාන ලබා ගන්නා ලදී.