26th March 2021 16:32:54 Hours
ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙහිර) බ්‍රිගේඩියර් ටිඑම් අබේරත්න ආර්එස්පි එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ 3 රෙජි ශ්‍රීලයුයුබ ඒකක සංචාරය 2021.03.19 දින සිදු කරන ලදී.
3 වන රෙජිමේන්තුව ශ්‍රීලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ධනංජය ප්‍රනාන්දු ඒටිඕ එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති තුමන් පිලිගන්නා ලද අතර, මෙම ඒකක සංචාරය සනිටුහන් කරමින් නා පැලයක් කාර්යාල පරිශ්‍රය තුල රෝපනය කරන ලදී.
ආඥාපති තුමන් විසින් ඒකකයේ ගබඩාහල් හා භඨ නිවාස පරීක්ෂා කරන ලද අතර පසුව ඒකක දේශන ශාලාවේදී සියළු නිලයින් අමතමින් භකාස ඒකකයන්හි වැදගත්කම හා ඉදිරි අභියෝග සම්බන්ධයෙන් භඨ පිරිස් දැනුවත් කරන ලදී.