Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

23rd March 2021 19:12:47 Hours

ආඥාපති ආරක්ෂා සේනා මූලස්ථානය (නැගෙනහිර) 3 රෙජි ශ්‍රීලයුයුබ ඒකක කදවුරු සංචාරය

ආඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) වශයෙන් කටයුතු කරනු ලබන මේජර් ජෙනරල් සිඩි වීරසුරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ 3 රෙජි ශ්‍රීලයුයුබ ඒකකයේ සංචාරය 2021.03.10 වන දිනට යෙදී තිබු අතර, 3 රෙජි ශ්‍රීලයුයුබ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ධනංජය ප්‍රනාන්දු ඒටිඕ ඒල්ඒස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ආඥාපතිතුමන් පිලිගෙන ඒකකය පිලිබද හැදින්වීමක් සිදුකල අතර, කදවුරු සංචාරය අතරතුරදී ඒකකයේ ගබඩාහල් පරීක්ෂා කිරීම සිදු කරන ලදී.

අවසාන වශෙයන් ආඥාපතිතුමන් නිලධාරි නිවස්නයේදී ඒකකයේ නිලධාරීන් සමග දිවා භෝජන සංග්‍රහයට සහභාගි වූ අතර, අමුත්තන්ගේ පොතේ සුභාෂිංශන පණිවිඩයක්ද සටහන් තබන ලදී.