Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

28th June 2022 06:06:55 Hours

අභිනවයෙන් ඉදිකරන ලද නිවාඩු බංගලා 03ක් කර්නල් සේනාවිධායක විසින් විවෘත කරන ලදී.

ඕර්ඩ්නන්ස් ක්‍රීඩා සංකීර්ණයේ නවතමයෙන් ඉදිකරන ලද ලිට්ල් වුඩ්, රජරට ක්‍රවුන් රිසෝට් සහ ඉරණමඩු රෙස්ට් යන නිවාඩු බංගලා 2022 ජුනි 22 වන දින යුධොපකරණ බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රියන්ත වීරසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් විවෘත කරන ලද අතර මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් මුණසිංහ, බ්‍රිගේඩියර් චරිත් දිසානායක, බ්‍රිගේඩියර් මේනක ප්‍රනාන්දු, බ්‍රිගේඩියර් සුමේද විජේකෝන්, ඒකක අණදෙන නිලධාරීන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.