Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

26th January 2022 16:18:39 Hours

අංග සම්පූර්ණ දේශණ ශාලාව, සෙසුනිල භඨ නිවාසය, ක්‍රිඩා පිටිය විවෘත කිරීම හා ඒකක සංචාරය - 3 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය.

අධ්‍යක්‍ෂ ජෙනරාල් යුධොපකරණ සේවා හා කර්නල් සේනාවිධායක ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා මේජර් ජෙනරාල් එම්ඊපී වීරසිංහ යුඑස්පී ඒටීඕ විසින් 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායෙහි නවතමයෙන් ඉදිකරනු ලැබු අංග සම්පුර්ණ දේශණ ශාලාව, සෙසුනිළ භඨ නිවාසය හා ක්‍රිඩා පිටිය වර්ෂ 2022 ක් වු ජනවාරී මස 15 වන දින සුභ මොහොතින් ඉතා උත්කර්ෂවත් අන්දමින් විවෘතකරනු ලැබීය.

මෙම අවස්ථාවට පැමිණි අධ්‍යක්‍ෂ ජෙනරාල් යුධොපකරණ සේවා හා කර්නල් සේනාවිධායක ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා මේජර් ජෙනරාල් එම්ඊපී වීරසිංහ යුඑස්පී ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිළධාරී හට සම්මාන මුරයකින් උත්තමාචාර දක්වා ඉතා උසස් අන්දමින් 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායෙහි අණදෙන නිළධාරී ලුතිතන් කර්නල් ඩබ්එස්ඩී ප්‍රනාන්ඳු එල්එස්සී ඒටීඕ නිළධාරි විසින් පිලිගන්නා ලදි.

වැඩ සටහන් විස්තරයට අනුව පැළයක් රෝපනය කිරීම, සියළු නිලයන් ඇමතීම, සියඵ නිළයින් සමග තේ පැන් සංග්‍රහයට සහභාගී වීම, නිළධාරීන් ඇමතීම හා මෙම බල ප්‍රදේශයේ සිටින යුධොපකරණ බලකායට අයත් සියළුම නිලධාරීන් සමග සුහද හමුවකට සහභාගී වීමෙන් වැඩසටහන් මාලාව නිමා විය.