Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

25th October 2019 18:53:11 Hours

70 වන බලකා දිනයට සමගාමීව බනිසැර නිවස්නයේදී 2019.10.23 වන දින කොක්ටේල් සාදයක් පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 70 වන බලකා දිනයට සමගාමීව බනිසැර නිවස්නයේ සියළුම සාමාජිකයන් විසින් අද දිනයේ (2019.10.23 වන දින) කොක්ටේල් සාදයක් සංවිධානය කර තිබුණි. මේ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එච්ජීඅයි විද්‍යානන්ද වීඑස්වී යුඑස්පී ඒඒටීඕ එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගී වූ අතර එතුමන්ව රෙජිමේන්තු සැරයන් මේජර් බනි I එන්එච්එස් ප්‍රියශාන්ත විසින් පිලිගන්නා ලදී. මේ සදහා අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහොමයක්ද සහභාගී විය.

කර්නල් සේනාවිධායක තුමන් පැමිණ සිටි සියළු දෙනා සමග සුහද හමුවක් පැවැත්වූ අතර බලකා දිනයට සමගාමීව පැවැත්වූ සියළුම ක්‍රියාකාරකම් සදහා කැපවී ක්‍රියාකල සියළු දෙනාට තුති පිදු අතර අවසානයේ අමුත්තන්ගේ පොතෙහි සටහන් තබා සමූහ ඡායාරූපයට පෙනී සිටීමෙන් පසු සාදය නිමා විය.