Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

06th February 2020 05:52:37 Hours

4 (සෙවි) ශ්‍රිලයුයුබ ඒකක සංවත්සරය 2020 ජනවාරි මස 09 වන දින අභිමානවත් ලෙස සැමරීම

4 (සෙවි) ශ්‍රිලයුයුබ ඒකකයේ 13 වන ඒකක සංවත්සරය 2020 ජනවාරි මස 09 වන දිනට යෙදි තිබු අතර නි/64327 මේජර් ඩබ්එම්එස්එම්බී වන්සේකර ඒඒටීඕ - ශ්‍රීලයුයුබ ඒකක අණදෙන නිලධාරීගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් 2020 ජනවාරි මස 08 වන දින 1700 පැයට ඒකක බුදු මැදුර අභියස බොධි පුජාමය වැඩසටනක් පැවැත්විණි.

අණදෙන නිලධාරි වෙත 4 වන රෙජිමේන්තුවෙහි දෙවන අණදෙන නිලධාරි ඇතුළු සියළු දෙනාගේ ප්‍රධානත්වයෙන් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමු අතර එම අවස්ථාව සිහි වීම පිණිස කදවුරු භූමියේ පැළයක් රෝපණය කරන ලදි.

ඒකක අණදෙන නිලධාරි ඇතලු සියලුම නිලධාරි/සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් දිවා භෝජණ සංග්‍රහයක් පැවැත්වු අතර ඉන් අනතුරුව අණදෙන නිලධාරි විසින් සියළු නිලයින් අමතමින් ඒකකයේ කැපවීමෙන් රාජකාරි ඉටු කර නිලධාරි/සෙසුනිලයින් හට කෘතඥතාවය පුද කරන ලදි.