Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

31st December 2021 23:09:45 Hours

3 රෙජි ශ්‍රිලයුයුබ ඒකකයේ රාජකාරි කරනු ලබන සිවිල් කාර්යය මණ්ඩලයේ දරුවන් සඳහා පාසල් උපකරණ ප්‍රධානය කිරීම.

3 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා සේවාවනිතා ඒකකයේ කිර්ති නාමය සහ දානශිලිත්වය සනිටුහන් කරමින් සිවිල් කාර්යය මණ්ඩලයේ චිත්ත ශක්තිය වර්ධනය කිරීමේ අරමුණින් දෙවන වරටත් සංවිධානය කරන ලද ඒකකයේ සිවිල් කාර්යය මණ්ඩලයේ පාසල් යන වයසේ දුවා දරුවන් හට පාසල් උපකරණ ප්‍රධානය කිරිම ශ්‍රිලයුයුබ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපති තුමියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ කොවිඩ් 19 උපදෙස් වලට අනුගතව 2021.12.30 දින චාම් උත්සවයක් මගින් සිදුකරන ලදි.

මෙම අවස්ථාවට ඒකකයේ අණදෙන නිලධාරි වන ලූතිතන් කර්නල් ඩබ්ලිව්එස්ඩී ප්‍රනාන්දු ඒටීඕ එල්එස්සී ශ්‍රිලයුයුබ, 3 ශ්‍රිලයුයුබ ඒකකයේ සේවාවනිතා සාමාජිකවන්, නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්යය මණ්ඩලය සහභාගිවන ලදී. මෙම අවස්ථාවේදි සිවිල් කාර්යය මණ්ඩලයේ 19 දෙනෙකුගේ දුවා දරුවන් 36 දෙනෙකු සඳහා පාසල් පොත්පත්, පාසල් පාවහන්, ලිපි ද්‍රව්‍ය, වතුර බෝතල්, කෑම පෙට්ටි, පාසල් උපකරණ ලබාදිම සිදු කරන ලදි.

මෙම අවස්ථාවට සහභාගි වු සිවිල් කාර්යය මණ්ඩලයට සහ ඔවුන්ගේ දුවා දරුවන් හට තේ පැන් සංග්‍රහයක්, දිවා අහාරයක් ඉතා උසස් අන්දමින් පිළියෙලකර පිළිගැන්වීමට ඒකකය වෙතින් කටයුතු කරන ලදි. මෙම සත්කාර්යය සිවිල් කාර්යය මණ්ඩලයේ සහ ඔවුන්ගේ දරුවන්ගේ උසස් පැසසුමට ලක්විය.