Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

03rd August 2020 11:07:55 Hours

2020 ජුලි 21 වන දින ආඥාපති ඉනපෙ (උතුර) සහ කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබගේ පාලන පරීක්‍ෂණය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ කර්මාන්ත ශාලාව - දොඹගොඩ.

ආඥාපති ඉනපෙ (උතුර) සහ කර්නල් සේනාවිධායක ශ්‍රීලයුයුබ මේජර් ජෙනරාල් ආර් එල් සී ප්‍රනාන්දු ඒඒටීඕ විසින් 2020 ජුලි මස 21 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ කර්මාන්ත ශාලාව - දොඹගොඩ හී පාලන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් පාලන පරීක්‍ෂණයක් පවත්වන ලදී.

යුධොපකරණ කර්මාන්ත ශාලාවේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජේපීඑච් ගමගේ යූඑස්පී ඒඒටීඕ විසින් කර්නල් සේනාවිධායක ශ්‍රීලයුයුබ සාදරයෙන් පිළිගත් අතර යුධොපකරණ කර්මාන්තශාලා දොරටුව අසලදී යුද්ධ හමුදා පිළිවෙත් වලට අනුව කඳවුරු සම්මාන මුරයක්ද පිරිනමන ලදී.

ඉන් පසු සේනාවිධායක යුකශා විසින් කර්නල් සේනාවිධායක ශ්‍රීලයුයුබ වෙත සිදුකරන ලද යුකශාහී පාලන කටයුතු පිළිබද ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුගේ පැමිණීම සංකේතවත් කිරීම සඳහා ‘ගිනි වරකා’ පැලයක් කදවුරු භූමිය තුල රෝපණය කරන ලදී.

මීට අමතරව, කර්නල් සේනාවිධායක විසින් යුධොපකරණ කර්මාන්ත ශාලාව වෙතින් සිදුකරනු ලබන නිෂ්පාදන ව්‍යාපෘතීන් නිරීක්ෂනය කිරීම ස‍දහා කර්මාන්ත ශාලාවේ ස්ථාපිත නිෂ්පාදන අංශයන් හී නිරීක්ෂණ චාරිකාවක් සිදුකරනලද අතර එම අවස්ථාව සදහා යුධොපකරණ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මානි I (පාලන) සහ යුධොපකරණ කර්මාන්ත ශාලාවේ නියෝජ්‍ය සේනාවිධායක ඇතුළු අනෙකුත් නිලධාරීන්ද සහභාගී විය.