Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

30th September 2019 10:07:58 Hours

2019 සැප්තැම්බර් මස 27 වන දින රෙම ශ්‍රිලයුයුබහි දී නිලධාරින්ගේ පුහුණුවීම් දිනය සාර්ථක පවත්වන ලදි.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායට අයත් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරින් සඳහා 2019 වර්ෂයට අදාල තෙවන පුහුණු වැඩසටහන 2019 සැප්තැම්බර් මස 27 වන දින දොඹගොඩ පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සාර්ථකව පවත්වනු ලැබීය.

උදැසන ශාරීරික අභ්‍යාස පුහුණුවෙන් පසු වැඩ සටහන ආරම්භ වු අතර, එහි ප්‍රධාන දේශනය ලෙස බ්‍රිගේඩියර් එම්ආර් වන්නිආරච්චි ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් “ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සහ ප්‍රසම්පාධන කාර්යය සංග්‍රහය” යන මාතෘකාව යටතේ වටිනා දේශනයක් පවත්වනු ලැබීය.

ඉන් පසු කපිතන් කේජිඅයිආර් කෝදාගොඩ ශ්‍රිලයුයුබ සහ කපිතන් ඩබ්ඒජේඑම් වීරසිංහ ශ්‍රිලයුයුබ යන නිලධාරින් විසින් “කලාපයට අනුව ලෝකයේ රටවල භූගෝලීය පිහිටීම සහ ඒවායේ වැදගත් ලක්‍ෂණ හෝ කලාපයේ සමානකම් කෙටියෙන්” යන මාතෘකාව යටතේ වටිනා ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදි.

තවද, මෙම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නිලධාරීන් 31 දෙනෙකු පුහුණු සැසිය සදහා සහභාගී වූ අතර තෙවන කාර්තුවේ පුහුණු සැසිය රාත්‍රි භෝජන සංග්‍රහයක් සමඟින් සාර්ථකව අවසන් විය.