19th October 2024 09:45:04 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය විසින් 2024 ඔක්තෝම්බර් මස 13 වන දින ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකායේ රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි යුධෝපකරණ රණවිරු ස්මාරකය අභියසදී බලකායේ 75 වන සංවත්සරය සමරමින් සිය දිවි පිදූ රණවිරුවන් වෙත හෘදයාංගම උපහාරයක් පුද කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආඥාපති භකාසඅණසක සහ ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඊඑම්එම් ප්‍රනාන්දු එච්ඩිඑම්සී එල්එස්සී ඒඒටීඕ සහභාගී වූ අතර මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඒජිසීආර් අමරසිංහ යුඑස්පී ඒටිඕ විසින් ගෞරවාචාර සහිතව පිළිගන්නා ලදී.
එල්.ටී.ටී.ඊ ත්රස්තවාදයට එරෙහි ගැටුමේදී ජාතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවි පිදූ අභීත රණවිරුවන් 61 දෙනෙකුගේ පරිත්‍යාගය වෙනුවෙන් මෙම වාර්ෂික සැමරුම සිදු කෙරේ. මෙම සුවිශේෂී සන්ධිස්ථානය අගයමින්, 2024 ඔක්තෝම්බර් 12 වන දින, ඔවුනොවුන්ගේ සම්මන්ත්රණ ශාලාවේදී, මියගිය විරුවන්ට ආශිර්වාද පතා පිරිත් සජ්ඣායනයක් පැවැත්වීමෙන් උපහාර පිදීම ආරම්භ විය. පසුදා එනම් ඔක්තොම්බර් 13 වෙනිදා උදෑසන සිහිකිරීමේ ආධ්‍යාත්මික ස්වරය පවත්වා ගනිමින් පිරිත් සජ්ඣායනයට සහභාගී වූ භික්ෂූන් වහන්සේලාට හීල් දානයක් පිරිනැමීම සිදු විය.
ස්මාරකයේ පැවති විධිමත් උත්සවයෙන් අනතුරුව, මියගිය රණවිරුවන්ගේ පවුල් සඳහා ආවර්ජනය කිරීමට සහ සහෝදරත්වය සඳහා අවස්ථාව ලබා දෙමින් රෙජිමේන්තු මූලස්ථානයේදී තේ පැන් සංග්‍රහයක් ද සංවිධානය කරන ලදී. බළකායේ සහයෝගය තවදුරටත් ප්‍රකාශ කරමින් එහි සභාපතිනි ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය ප්රමුඛ ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකායේ සේවා වනිතා ශාඛාව සහ සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින් විසින් මියගිය සෙබළුන්ගේ පවුල් වෙත මුල්‍ය ත්‍යාග ප්රදානය කරන ලදී. යුධෝපකරණ පාසලේ සම්මන්ත්රණ ශාලාවේදී. ඉන් අනතුරුව කෝප්රල් සමාජ ශාලාවේදී දිවා ආහාරය පිරිනැමීමද සිදු කෙරුණේ එදින කටයුතු අවසන් කරමිනි.
මෙම අවස්ථාවට යුධෝපකරණ සේවා වනිතා ශාඛාවේ සභාපති ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය, මේජර් ජෙනරාල් ඊඑම්එම් ප්‍රනාන්දු එච්ඩිඑම්සී එල්එස්සී ඒඒටීඕ , සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ මියගිය විරුවන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. මෙම සිදුවීම් මාලාව සෙබළුන්ගේ ධෛර්යය සහ පරිත්‍යාගය ගෞරවයට පාත්‍ර වූවා පමණක් නොව ජාතියේ ස්වෛරීභාවය වෙනුවෙන් පරම කැපකිරීම් කළ අයගේ වියෝව දරා සිටින පවුල්වල සුබසාධනය සඳහා වූ ධෛර්ය සම්පන්න කැපවීම ද ඉස්මතු කළේය.