Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

09th November 2019 11:36:37 Hours

රෙජිමේන්තු මන්ත්‍රණ සභාව 2019.11.07 දින රෙම ශ්‍රිලයුයුබ හි පැවත්වන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකායේ හතරවන කාර්තුවේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාව 2019 නොවැම්බර් මස 07 වන දින උපකරණ මාස්ටර් ජෙනරාල් සහ කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබ මේජර් ‍ජෙනරාල් එචිජිඅයි විද්‍යානන්ද විඑස්වි යුඑස්පි ඒඒටිඕ එල්එස්සි ප්‍රධානත්වයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදි.

මෙහිදී රෙජිමේන්තුවේ නිලධාරින්ගේ වෘත්තිමය ප්‍රගතිය පිලිබද ගැටලු, සමස්ථ ඉදිකිරිම් ප්‍රගතිය හා පරිපාලන ගැටළු පිළිබඳව සාකච්ඡාවට භාජනය වූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ‍ජෙනරාල් එචිජිඅයි විද්‍යානන්ද විඑස්වි යුඑස්පි ඒඒටිඕ එල්එස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2019.11.12 වන දින විශ්‍රාම යාමට නියමිත හෙයින් මෙම මන්ත්‍රණ සභාව ඔහුගේ අවසන් සැසිය විම මෙහි සුවිශේෂී කරුණකි.