Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

30th August 2019 18:46:22 Hours

යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඒපීඑම් විජේසිංහ ආර්එස්පි ඒඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නික්මයාම

ශ්‍රි ලංකා යුධොපකරණ බලකායේ යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කල බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඒපීඑම් විජේසිංහ ආර්එස්පි ඒඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමණ් 2019 අගෝස්තු මස 28 දිනට වසර 55ක් පිරිමෙන් පසු විශ්‍රාම ගැනීමට යෙදී තිබුණි. මේ හා සමගාමීව අද දින රෙම ශ්‍රිලයුයුබ නිලධාරී නිවස්නයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්තන ලදි. මේ සදහා උපකරණ මාස්ටර් ජෙනරාල් හා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එච්ජිඅයි විද්‍යානන්ද විඑස්වි යුඑස්පි ඒඒටීඕ එල්එස්සි, බලකායට අයත් ජේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා නිලධාරිනියන් සහභාගි වන ලදී. මෙම අවස්ථාවේදී කර්නල් සේනාවිධායක ශ්‍රීලයුයුබ විසින් සියලුම යුධොපකරණ නිලධාරීන් වෙනුවෙන් බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඒපීඑම් විජේසිංහ ආර්එස්පි ඒඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සේවා ඇගයීම වෙනුවෙන් සමරු තිලිණයන් ප්‍රධානය කරන ලදි.