Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

06th February 2021 10:21:42 Hours

යුධොපකරණ සේවාවනිතා ශාඛාව මගින් සාලියපුර ‘සතුට’ ළමා නිවාසයේ දියණියන් වෙනුවෙන් දිවා ආහාරය හා ආදාර බෙදාදිමේ වැඩසටහනක් පවත්වන ලදි.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් චන්දන මාරසිංහ ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි හා යුධොපකරණ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි සුභාෂිණි දොඩම්තැන්න මාරසිංහ මැතිණියගේ උපදෙස් හා මගපෙන්වීම මත 2 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය විසින් සාලියපුර ‘සතුට’ ළමා නිවාසයේ නේවාසිකව රැඳී සිටින දියණියන් හට දිවා ආහාරය ලබා දීම හා ආධාර බෙදාදීමේ වැඩසටහනක් 2020 ජනවාරි මස 30 වන දින පවත්වන ලදී.

යුධොපකරණ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනිය නියෝජනය කරමින් යුධොපකරණ සේවාවනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන පද්මිනි කාරියවසම් මැතිණිය මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත සාමාජිකාව වශයෙන් සහභාගි විය. සියළුම දරුවන්ට රසවත් ආහාර වේලක් ලබාදිමෙන් පසු සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් දරුවන් සමග ඔවුන්ගේ සුවදුක් විමසා පිළිසඳරක යෙදෙන ලදී. මෙම උත්සවය කැලිප්සෝ සංගීත විනෝදාත්මක සැසියකින් ද වර්ණවත් විය. මෙහිදී සේවාවනිතා ශාඛාව වෙතින් නේවාසිකව සිටින දියණියන්ගේ ප්‍රයෝජනය සඳහා රයිස් කුකර් යන්ත්‍රයක්, මෙට්ට, මදුරු දැල්, සනීපාරක්‍ෂක භාණ්ඩ හා වියළි සලාක පරිත්‍යාග කරන ලදී.

මෙම උත්සවය සම්බන්ධිකරණ කටයුතු 2 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් විජිත ඒකනායක යුඑස්පී ඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු සියළු නිලධාරින් හා සෙසු නිලයන් විසින් සිදු කල අතර රෙජිමේන්තු මුලස්ථානයෙහි නියෝජ්‍ය සේනාවිධායක, රෙජිමේන්තු කාර්යය මණ්ඩලය, සේවාවනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ කාන්තා නිලධාරිණියන් ඇතුළුව අනෙකුත් නිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වන ලදී.