Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

17th May 2018 15:20:37 Hours

යුධොපකරණ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගනයේ ඉදිකිරීම් ව්‍යාපෘතියේ ප්‍රගතිය කුමාර සංගක්කාර නිරීක්ෂණයට

හොරණ, දොඹගොඩ ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිවෙන ශ්‍රි ලංකා යුධොපකරණ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගනයේ ඉදිකිරීම් ව්‍යාපෘතිය හිටපු ක්‍රිකට් කණ්ඩයම් නායක කුමාර සංගක්කාර මහාතා විසින් සංචාරය කරන ලදි.

එහිදි උපකරණ මාස්ටර් ජෙනරාල් (QMG) සහ ශ්‍රිලයුයුබ කර්නල් සේනාවිධායන මේජර් ජෙනරාල් බී. එස්. විදානගේ සහ මධස්ථාන සේනාවිධායක කර්නල් එස් එම් ඩබ් බී එන් තලගහවත්ත ඒටීඕ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරින් හමුවු අතර අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගනයේ ඉදිකිරීම් පිලිබද අදහස් හුවමාරු කරගන්නා ලදි. මේ අවස්ථාව සදහා ජාතික ක්‍රීකට් ක්‍රිඩක සික්කුගේ ප්‍රසන්න මහතාද සහභාගී විය.