Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

30th April 2018 10:49:01 Hours

" ඕර්ඩ්නන්ස් රණසේනා උදානය" - 2018 සාර්ථකව නිමවෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ යුධොපකරණ බලකාය විසින් සංවිධානය කරන ලද "ඕර්ඩ්නන්ස් රණසේනා උදානය" – 2018 වෙළඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය වාර්ථාගත ජනතාවවකගේ සභභාගීත්වයෙන් යුතුව 2018 අප්‍රේල් මස 06 හා 07 යන දෙදින තුල හොරණ නගරසභා ක්‍රිඩාංගණයේදි පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ යුධොපකරණ බලකා කර්නල් සේනාවිධායක හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් , මේජර් ජෙනරාල් බීඑස් විදානගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ මග පෙන්වීම හා උපදෙස් යටතේ යුධොපකරණ බලකා ආයතන/ඒකකයන්හි සේනාවිධායකවරුන් හා අණදෙන නිලධාරින්ගේ පූර්ණ දායකත්වයෙන් යුතුව මාතෘභූමිය වෙනුවෙන් ප්‍රාණදානය හා කාය දානය ලබාදුන් යුධොපකරණ බලකා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සදහා අර්ථවත් සුභසාධක ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීම සදහාත් දැනට රාජකාරි කරනු ලබන භඨ පිරිස් සදහා ක්‍රිත්මක ව්‍යාපෘතීන් සදහා අරමුදල් සම්පාදනය කිරීමේ අරමුණ පෙරදැරිව මෙම වෙළඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය පවත්වන ලදී.

"ඕර්ඩ්නන්ස් රණසේනා උදානය" – 2018 වෙළඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය 2018 අප්‍රේල් මස 06 වන දින යුධොපකරණ බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බීඑස් විදානගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් විවෘත කරන ලද අතර, නිමි ඇදුම්, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හා ආහාර පාන ඇතුළු විවිධ වෙළද කුටි හා විනෝද ක්‍රිඩා රාශියක් ඇතුලත්ව දිනපතා දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද සංගීත ප්‍රසංග මගින් සැණකෙළිය වඩාත් විචිත්‍රවත් විය.