?
30th November 2025 13:06:41 Hours
ඇතිවූ වර්ෂාපතනය හේතුවෙන් මෙම ආසේමු (නැ) බලප්‍රෙද්ශයට අයත් පොලොන්නරුව පොදු ක්‍රීඩාංගය සහ නෙලුම්වැව, ගල්ලෑල්ල අවට ප්‍රදේශයේ ඇතිවු දැඩි ගංවතුර නිසා බලපෑමට ලක්වු සිවිල් විසියන් 565 පමණ මුදාගත් අතර, මුදාගත් පිරිස අතර, ගැබ්ණි මාතවන් කිහිපදෙනෙක් සිටින ලදි. පසුව මුදාගත් සිවිල් වැසියන් පොළොන්නරුව කාර්මික විද්‍යාලේ පිහිටා ඇති අවතැන් කඳවුරු වෙත ආරක්ෂිතව රුගේන යාමට කටයුතු සිදුකරන ලදි.
30th November 2025 13:04:10 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 23 වන පාබල සේනාංක බලප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ඇතිවු ආපදා තත්වයන් සදහා 23 වන පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජීපීපී කුලතිලක එන්ඩිසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ 2025.11.29 වන දින 7 වන සැහැල්ලු කාලතුවක්කු රෙජිමේන්තුවට අයත් 03x39 ක භඨ පිරිස් ප්‍රමාණයක් මහත් පරිශ්‍රමයක් දරා ඇතිවු ආපදා තත්වයන් සදහා සහන සැලසිමේ ක්‍රියාදාමයන් වෙනුවෙන් සක්‍රිය දායකත්වයක් ලබා දෙන ලදි.
30th November 2025 13:01:00 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 22 සේනාංක බලප්‍රදේශයට අයත් 221 පාබල බලසේනා මුලස්ථාන බලප්‍රදේශය තුල පිහිටි නාමල්වත්ත ගම්මානයේ අධික සුලං තත්වය නිසා කැඩිබිදි ගිය ගස් සහ අතු අදිය ඉවත් කර ගැනිම සදහා ශ්‍රිලංකා 6 වන සන්නහ සන්නද්ධ රෙජිමේන්තුවට අයත් 01 x 20ක භට පිරිස් ප්‍රමාණයක් යොදවා බලපෑමට ලක් වු වැසියන්හට 2025.11.27 වන දින සහයෝගය ලබාදි ප්‍රදේශය පිරිසිදු කිරිමේ කටයුතු සිදුකරන ලදි.
30th November 2025 08:27:22 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 22 වන පාබල සේනාංක බලප්‍රදේශයට අයත් පුල්මුඩේ ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් අවතැන් වු සිවිල් වැසියන් සදහා සිවිල් සංවිධාන සමග එක්ව පිසු ආහර ලබා දිමේ වැඩසටහනක් 22 වන පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් ලලිත් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩිසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ 2025.11.28 වන දින 20 වන ගජබා රෙජිමේන්තුවට අයත් 01X20 භඨ පිරිසකගේ සහභාගිත්වයෙන් සිදකරන ලදි.
30th November 2025 08:20:52 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 22 සේනාංක බලප්‍රදේශයට අයත් 223 පාබල බලසේනා මුලස්ථාන බලප්‍ර දේශය තුල පිහිටි නෙදුන්කෙනිකුලම් ගම්මානයේ අධික වර්ෂාව නිසා ඇති වු අධික ගංවතුර තත්වය හේතුවෙන් කුඹුරු ප්‍රදේශය තුල සිරවී සිටි ගොවින් පිරිසක් 2 (සෙව්) ගජබා රෙජිමේන්තුවට අයත් 01 x 09ක භට පිරිස් ප්‍රමාණයක් යොදවා බලපෑමට ලක්ව සිටි ගොවින් පිරිස 2025.11.28 වන දින මුදවා ගැනිමට කටයුතු සිදිකරන ලදි.
29th November 2025 17:01:11 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 22 වන පාබල සේනාංක බලප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන මාර්ගයන් මත කඩා වැටුණු ගස් ඉවත් කිරීම හා වෙනත් අපදා තත්වයන් සඳහා 22 වන පාසේමු සේනාංකාධිපති මේජර් මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් ලලිත් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩිසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ 2025.11.28 සහ 29 වන දින 15 වන ශ්‍රිලංකා පාබල රෙජිමේන්තුවට අයත් භට පිරිස් ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇත.
29th November 2025 16:57:21 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ, මෙම බලප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් මෙම සේනාංක මුලස්ප්ථානය අවට ප්‍රදේශයේ කඩා වැටුණු ගස් කපා ඉවත් කර මහත් පරිශ්‍රමයක් යොදා යථාතත්වයට පත් කිරීම සඳහා මෙම මුලස්ථානයේ රාජකාරි සිදුකරනු ලබන නිළධාරින් සහ සෙසුනිළයින් මේ වන විට කටයුතු සිදුකරනු ලබයි.
29th November 2025 12:32:52 Hours
ඇතිවූ වර්ෂාපතනය හේතුවෙන් මෙම ආසේමු (නැ) බලප්‍රෙද්ශයට අයත් පොලොන්නරුව පොදු ක්‍රීඩාංගණ ප්‍රදේශය සහ පුදූර් ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් වාර්තා විය.
28th November 2025 17:14:56 Hours
ආසේමු (නැ) බලප්‍රදේශයට අයත් පලුගස්වැව ප්‍රෙද්ශිය ලේකම් කොට්ටාසයේ ආසිරිගම ගම්මානයේ අධික වර්ෂාව හේතුවෙන් දැඩි ගංවතුර තත්ත්වයක් වාර්තා වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ගංවතුර බලපැමට ලක්ව සිටි ගම්මාන වැසියන් පිරිසක් 5 වන ශ්‍රිලංකා වෛද්‍ය බලකායට අයත් 01 x 12ක භට පිරිස් ප්‍රමාණයක් යොදවා බලපැමට ලක්ව සිටි පිරිසක් 2025.11.28 වන දින මුදවා ගැනිමට කටයුතු සිදිකරන ලදි.
28th November 2025 17:11:02 Hours
2025 නොවැම්බර් 26 වැනි දින වාර්තා වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ තත්වයන්ට ප්‍රතිචාර වශයෙන් 24 වන පාබල සේනාංකයේ සෙබළුන් විසින් සහන මෙහෙයුම් සඳහා දායකත්වය ලබා දී ඇත. ඒ අනුව, 241 වන පාබල බලසේනාව යටතේ 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කණ්ඩායමක් සමන්තුරෙයි කල්ලරිච්චෙල් ප්‍රදේශයේ දැවැන්ත වර්ෂාපතනය හේතුවෙන් නිවසක් මත වැටුණු ගසක් ඉවත් කිරීම සඳහා යොදවා ඇත.