?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th December 2025 15:41:08 Hours

12 වන බළඇණිය ශ්‍රිලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භඨ පිරිස් විසින් ගංවතුර හේතුවෙන් පෙරියවඩ්ඩුවාන් සිට පන්කුණාවේලි දක්වා දිවෙන අපිරිසිදුව තිබු මාර්ගය නැවත පිරිසිදු කිරිම

පසුගිය දිනවල දිවයින තුල පැවති අයහපත් කාළගුණික තත්වය මත ඇතිවූ ගංවතුර හේතුවෙන් පෙරියවඩ්ඩුවාන් සිට පන්කුණාවේලි දක්වා දිවෙන මාර්ගය අපිරිසිදුව තිබූ අතර, 232 පාබල බළසේනාවේ බලසේනාධිපති සහ 12 වන බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරීගේ මගපෙන්විම යටතේ 12 වන බළඇණිය ශ්‍රිලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ දෙවන අණදෙන නිලධාරීගේපුර්ණ අධීක්‍ෂණය මත එම ඒකකයේ 1x10 ක භඨ පිරිස් ප්‍රමාණයක් යොදවා 2025.12.04 වන දින එම මාර්ගය පිරිසිදු කිරීමට කටයුතු කරන ලදි.