31st December 2023 22:30:27 Hours
2023 වර්ෂයේ නත්තල් දිනයට සමගාමිව 4 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරි සහ සියලු නිලයන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සතුරුකොණ්ඩාන් ප්‍රදේශයේ පිහිටි ඕසානමි විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සදහා වන මධ්‍යස්ථානයේ ළමුන් 26 දෙනෙකු සදහා රුපියල් තිස් පන්දහසක් (රු:35000) පමණ වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදිමේ වැඩසටහනක් 2023.12.26 වන දින සිදුකරන ලදි.
29th December 2023 14:35:52 Hours
නත්තල් දිනයට සමගාමිව කරදියනාරු මහා විද්‍යාලය වෙතින් සංවිධානය කරන ලද (ඔලිවිලා) නත්තල් කැරොල් ප්‍රසංගය තන්නමුනේ ශාන්ත ජෝශප් දේවස්ථානයේ ගරු මෙරුෂාන් හෙන්රික් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023.12.21 වන දින 1100 පැයේ සිට 1430 පැය දක්වා කරදියනාරු මහා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදි ගුරුවරුන් 35 දෙනෙකු සහ පාසල් ළමුන් 400 කගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.
29th December 2023 14:01:11 Hours
5 වන ශ්‍රීලංකා කාලතුවක්කු හමුදා බළ ප්‍රදේශයට අයත් අග්බෝපුර ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය තුලදී වෛද්‍ය සායනය සදහා සහභාගී වන අග්බෝපුර ප්‍රදේශයේ පදිංචිව සිටින තෝරාගත් ගර්භනී මාතාවන් 20 දෙදෙනෙකු හට ඔවුන්ගේ දරු ප්‍රසූතිය සදහා අවශ්‍යවන භාණ්ඩ කට්ටලයක් (රු.10,000ක් පමණ වටිනාකමකින් යුත්), දිවා ආහාර පර්සල් සහ එම ගර්භනී මාතාවන්ගේ ඉපදිමට සිටින දරුවන් වෙනුවෙන් මහජන බැංකුවේ ඉසුරු උදාන ගිණුම් 20 ක් ලබාදිමේ වැඩසහටහනක් 2023 දෙසැම්බර් මස 23 වන දින සිදු කරන ලදී.
26th December 2023 09:51:19 Hours
242 වන පාබල බලසේනා බළප්‍රදේශයට අයත් ඌරණි සායන මධ්‍යස්ථානය පිහිටා ඇති ගොඩනැගිල්ල අවට ප්‍රදේශය වල්බිහිවි අපවිත්‍ර තත්වයේ ඇති බැවින් එම ස්ථානයේ රාජකාරි කිරිමට පහසු වන පරිදි සුද්ධ පවිත්‍ර කර යථාතත්වයට පත්කර දෙන ලෙස පොතුවිල් සෞඛ්‍ය මධ්‍යස්ථාන කාර්යාලය මගින් ඉල්ලිමක් සිදු කරන ලදි.
19th December 2023 15:17:38 Hours
7 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් බුද්ධි භටපිරිස් ලද තොරතුරකට අනුව, එම භටපිරිස් සහ වාකරේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග එක්ව 2023 දෙසැම්බර් මස 17 වන දින තෝපූර් ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන අයිස් (Methamphetamine) ග්‍රෑම් 2.350 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම මත්ද්‍රව්‍ය සමග සැකකරු ඉදිරි විමර්ශණ කටයුතු සඳහා මූතූර් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.
19th December 2023 15:13:38 Hours
7 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් බුද්ධි භටපිරිස් ලද තොරතුරකට අනුව, එම භටපිරිස් සහ කන්තලේ පොලිස් නිලධාරීන් සමග එක්ව 2023 දෙසැම්බර් මස 17 වන දින මොල්ලිපොතාන ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන හෙරොයින් ග්‍රෑම් 1.110 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම මත්ද්‍රව්‍ය සමග සැකකරු ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කන්තලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.
15th December 2023 13:08:36 Hours
දිවයිනටම බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කය තුල පිහිටි ප්‍රධානම ජලාශයක් වන රෑගම් ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම හා අවට ජල පෝශක ප්‍රදේශයන් වෙත ඇදහැලෙන අධික වාර්ෂව හේතුවෙන් වාලච්චේන ආරුවෙහි ජල මට්ටම ඉතා සිඝ්‍ර ලෙස ඉහල ගොස් ඇත. එම තත්වය හේතුවෙන් කිරාන් සිට පුලිපංචිකල් හරහා තොප්පිගල, කුඩිම්බිමලේ හා පෙරියවඩ්ඩුවාන් දක්වා දිවෙන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවි ඇත. එහි බලපෑම මත කෝරලේපත්තු දකුණ ප්‍රාදේශිය ලේඛම් බලප්‍රදේශයේ පිහිටි ගම්මාන රාශියක සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇත.
02nd December 2023 10:23:37 Hours
වසර පනහකට අධික කාලයක් සීනිපුර ප්‍රදේශයේ ඉපැරණි සීනි කම්හල් පරිශ්‍රයේ පිහිටි ක්‍රිස්තු රජුගේ දෙව්මැදුර වසර තිහකට ආසන්න කාලයක් අඛණ්ඩව දේව මෙහෙයන් පැවැත්වීමට නොහැකි වූ අතර, 2023 නොවැම්බර් 25 වන දින නැවතත් කොඩිය එසවීමෙන් පසුව දේව පූජාවන් 2023 නොවැම්බර් 26 වන දින සිදු කරන ලදී.
24th November 2023 15:11:27 Hours
ආරකෂක සේනා මුලස්ථානය නැගෙනහිර ආඥාපතිගේ හා 23 වන පාබල සේනාංක මුළස්ථානයේ සේනාංකාධිපතිගේ සංකල්පයක් මත සිවිල් ජනතාව සහ පාසල් දුවා දරුවන් මත්ද්‍රවය උවදුරින් බේරා ගැනිමේ උදාරතර සංකල්පය පලගන්වමින් කදිරවේලි විග්නේෂ්වරම් විද්‍යාලයේ සිසු දරුවන් හට මත්ද්‍රවය උවදුරින් බේරිම සදහා හරවත් දේශණයක් 2023.11.21 වන දින 1100 පැයේ සිට 1300 පැය දක්වා කාලය තුල පවත්වන ලදි.
21st November 2023 09:04:53 Hours
22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජේනරල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 221 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒකේ පීරිස් ආර්එස්පි නිලධාරිගේ පූර්ණ මඟපෙන්වීම යටතේ 20 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීගේ පූර්ණ අධීක්ෂණය යටතේ කුච්චවේලි ප්‍රදේශිය ලේකම් බලප්‍රදේශයට අයත් පුල්මුඩේ කොඨීඨාශ අංක 01 ග්‍රාම නිලධාරි වසමේ හයිරියා පාර කොට්ඨාශ අංක 02 ග්‍රාම නිලධාරි වසමේ සත්කුවා නගර් (ලංකා ඛණිජ වැලි සංස්ථාව අසල) යන ප්‍රදේශයන් වලට 2023 නොවැම්බර් මස 14 වන දින රාත්‍රීයේ ඇතිවු අධික වර්ෂාව හේතුවෙන් අපවිත්‍ර ජලය ගලා බසින ප්‍රධාන ඇල මාර්ග අවහිර වී ජනාකීර්ණ ප්‍රදේශ ජලයෙන් යටවී ඇත.