?
01st December 2025 09:12:04 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 24 වන පාබල සේනාංක බලප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් කැඩිගිය පොතුවිල් උල්ල පාලම සකස් කිරිම සඳහා 24 වන පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඩබ්ලිව්. ජයවීර යූඑස්පී පීඑස්සී උපදෙස් මත 14 සිංහ රෙජිමේන්තුවට අයත් 01x06 ක භඨ පිරිස් ප්‍රමාණයක් 2025.11.30 වන දින මාර්ග සංවර්ධන අධිකාරිය වෙත සහයෝගය ලබා දීම සදහා යොදවන ලදි.
01st December 2025 09:05:46 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 23 වන පාබල සේනාංක බලප්‍රදේශයට අයත් පුලිපන්ච්කල් කිරාන් මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා 23 වන පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජි පී පී කුලතිලක එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් මත 12 (සෙව්) ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බළමුලුවට අයත් 03x12 භඨ පිරිස් විසින් බෝට්ටු යාත්‍රා මගින් ගංවතුරෙන් පිඩාවට පත් ප්‍රදේශවාසින් හට මහත් පරිශ්‍රමයක් දරා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලදි .
01st December 2025 09:01:10 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 22 වන පාබල සේනාංක බලප්‍රදේශයේ 222 පාබල බළසේනා මුලස්ථානයට අයත්
30th November 2025 16:31:38 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 22 වන පාබල සේනාංක බලප්‍රදේශයේ
30th November 2025 16:26:48 Hours
ආසේමු (නැ) බලප්‍රදේශයට අයත් රන්හෙලගම, ඇල්ලකොටලීය, සල්පිටිගම සහ විජයපුර යන ගම්මානයන් වෙත පතිතවු අධික වර්ෂාව හේතුවෙන් දැඩි ගංවතුර තත්වයක් ඇතිවු බැවින්, එහි ප්‍රතිඵලයක් ලෙස ගංවතුරට මැදිව කෙටුවී සිටි ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් 3 (සෙව්) විජයබාහු පාබල රෙජිමේතුවට අයත් 02 x 40 භඨ පිරිස් ප්‍රමාණයක් යොදවා බලපැමට ලක්ව සිටි පිරිස මුදවා ගැනිමට කටයුතු සිදුකරන ලදි.
30th November 2025 16:19:53 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 22 වන පාබල සේනාංක බලප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් කල්අරප්පු, ගම්මානයේ ආපදාවට ලක්ව සිටි සිවිල් වැසියන් පිරිසක් 22 වන පාසේමු සේනාංකාධිපති මේජර් මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් ලලිත් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩිසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ 2025.11.30 වන දින 15 වන ශ්‍රිලංකා පාබල රෙජිමේන්තුවට අයත් 02X15ක භඨ පිරිසක් විසින් ක්‍රියාකාරීව සම්බන්ධ වී ගංවතුරට මැදිව සිටි සිවිල් වැසියන් පිරිස මුදවා ගැනිමට කටයුතු සිදුකරන ලදි.
30th November 2025 13:24:08 Hours
මෙම ආසේමු (නැ) යටතේ පාලනය වන 24 වන පාබල සේනාංක බලප්‍රදේශයට බලපැ අධික වර්ෂාව සහිත අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් කුරුවප්පම්කර්නි ප්‍රදේශයේ නිවසක වහලක් මතට කඩා වැටුණු ගසක් කපා ඉවත් කිරීම සඳහා 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඩබ්ලිව්. ජයවීර යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ, 11 (සෙව්) සිංහ රෙජිමේන්තුවට අයත් 01 x 15 ක භට පිරිසක් 2025.11.28 වන දින ක්‍රියාකාරීව සම්බන්ධ වී මහත් පරිශ්‍රමයක් දරා එම කඩා වැටුනු ගස ඉවත් කිරිමේ කටයුතු සිදුකරන ලදි.
30th November 2025 13:08:51 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 23 වන පාබල සේනාංක බලප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ඇතිවු ආපදා තත්වයන් සදහා 23 වන පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජීපීපී කුලතිලක එන්ඩිසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ 2025.11.29 වන දින 12 ගැමුණු හේවා බලඇණියට අයත් 01x25 ක භඨ පිරිස් ප්‍රමාණයක් මහත් පරිශ්‍රමයක් දරා ආපදා තත්වයන් වෙනුවෙන් සහන සැලසිමේ ක්‍රියාදාමයන් සඳහා සක්‍රිය දායකත්වයක් ලබා දෙන ලදි.
30th November 2025 13:06:41 Hours
ඇතිවූ වර්ෂාපතනය හේතුවෙන් මෙම ආසේමු (නැ) බලප්‍රෙද්ශයට අයත් පොලොන්නරුව පොදු ක්‍රීඩාංගය සහ නෙලුම්වැව, ගල්ලෑල්ල අවට ප්‍රදේශයේ ඇතිවු දැඩි ගංවතුර නිසා බලපෑමට ලක්වු සිවිල් විසියන් 565 පමණ මුදාගත් අතර, මුදාගත් පිරිස අතර, ගැබ්ණි මාතවන් කිහිපදෙනෙක් සිටින ලදි. පසුව මුදාගත් සිවිල් වැසියන් පොළොන්නරුව කාර්මික විද්‍යාලේ පිහිටා ඇති අවතැන් කඳවුරු වෙත ආරක්ෂිතව රුගේන යාමට කටයුතු සිදුකරන ලදි.
30th November 2025 13:04:10 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 23 වන පාබල සේනාංක බලප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ඇතිවු ආපදා තත්වයන් සදහා 23 වන පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජීපීපී කුලතිලක එන්ඩිසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ 2025.11.29 වන දින 7 වන සැහැල්ලු කාලතුවක්කු රෙජිමේන්තුවට අයත් 03x39 ක භඨ පිරිස් ප්‍රමාණයක් මහත් පරිශ්‍රමයක් දරා ඇතිවු ආපදා තත්වයන් සදහා සහන සැලසිමේ ක්‍රියාදාමයන් වෙනුවෙන් සක්‍රිය දායකත්වයක් ලබා දෙන ලදි.