07th June 2023 12:35:34 Hours
අමිපාර අක්කරේපත්තුව ප්‍රදේශයේ ස්ථාපිත 241 පාබල බලසේනාවේ, 11ශ්‍රිලංජාආබමු බලප්‍රදේශයට අයත් අක්කරේපත්තුව නගරයේ අබලි යකඩ අලෙවිසැලක 2023 06 06 දින උදෑසන 1030 පැයට පමණ හදිසියේ ඇතිවු ගිනි ගැනීමක් හේතුවෙන් අවට නිවාස හා වෙළදසැල් වලට ගින්න පැතිරීමේ අවදානමක් ඇතිවු අතර, 241 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් LSDN පතිරත්න RWP RSPජේHෂ්ඪ නිළධාරීගේ උපදෙස් මත වහා ක්‍රියාත්මක වු 241 පාබල බලසේනාවේ භටපිරිස් හා 11 ශ්‍රිලංජාආබමු භටපිරිස් විසින් අක්කරේපත්තුව පොලීසිය, ගිනි නිවීමේ ඒකකය හා එක්වී ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව ගින්න මැඩපැවැත්වීමට ක්‍රියාකිරීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල විනාශයක් වලක්වා ගැනීමට හැකිවිය.
06th June 2023 12:31:18 Hours
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන 1973 සිට වාර්ෂිකව ජුනි 5 වන දින පවත්වනු ලබන අතර, ලෝක පරිසර දිනය පාරිසරික මහජන ප්‍රවේශය සඳහා වන විශාලතම ගෝලීය වේදිකාව වන අතර එය ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් විසින් සමරනු ලැබේ. වාර්ෂිකව ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 11 ක් පමණ සාගරයට ගලා යන අතර එය 2040 වන විට තුන් ගුණයකින් වැඩි වනු ඇත. 50 වැනි ලෝක පරිසර දිනයේ අදහසට සමගාමීව මඩකලපුව නගර ප්‍රදේශයේ ද ප්ලාස්ටික් භාවිතයෙන් පරිසර දූෂණය අවම කිරීම පිළිබඳ පිරිසිදු කිරීමේ සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.
04th June 2023 16:39:26 Hours
24 වන පාබල සේනාංකයේ ආරක්ෂක සැලැස්මට අනුව 241 වන පාබල බලසේනාවට අයත් 11 වන ශ්රීම ලංකා ජාතික ආරක්ෂක බලමුලුව අක්කරෙයිපත්තුව - අම්පාර ප්රාධාන මාර්ගයේ ස්ථිර මාර්ග බාධකයක් යොදවා ඇති අතර, 2023 ජුනි 2 වන දින අක්කරපත්තුව නගරයේ නවතා තිබූ යතුරුපැදියක් සොරාගෙන මාර්ග බාධකය හරහා ආරක්ෂිත හිස්වැස්මක් නොමැතිව අධික වේගයෙන් යතුරු පැදියක් පදවාගෙන පැමිණි පුද්ගලයෙකු මාර්ග බාධකය රාජකාරියේ නිරත වූ භට පිරිස් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශණ සඳහා අක්කරෙයිපත්තු පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
02nd June 2023 13:31:28 Hours
7 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් බුද්ධි භටපිරිස් ලද තොරතුරකට අනුව, බුද්ධි භටපිරිස් සහ මූතුර් පොලිස් නිලධාරීන් සමග එක්ව 2023 මැයි මස 31 වන දින මූතුර් ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන කේරළ ගංජා ග්‍රෑම් 30 මිලිග්‍රෑම් 200 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. එම මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් ඉදිරි විමර්ශණ කටයුතු සඳහා මූතුර් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.
01st June 2023 12:28:40 Hours
3 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් බුද්ධි භටපිරිස් ලද තොරතුරකට අනුව, බුද්ධි භටපිරිස් සහ කදිරවේලි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග එක්ව 2023 මැයි මස 29 වන දින මූතුර් ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන කේරළ ගංජා කි:ග්‍රෑම් 02 ග්‍රෑම් 460 ක ප්‍රමාණයක් හා මුදලින් රු: 40000.00 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. එම මත්ද්‍රව්‍ය සමග සැකකරු ඉදිරි විමර්ශණ කටයුතු සඳහා වාකරෙයි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.
01st June 2023 12:12:39 Hours
7 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් බුද්ධි භටපිරිස් ලද තොරතුරකට අනුව, බුද්ධි භටපිරිස් සහ මූතුර් පොලිස් නිලධාරීන් සමග එක්ව 2023 මැයි මස 27 වන දින මූතුර් ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන කේරළ ගංජා ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 300 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. එම මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් ඉදිරි විමර්ශණ කටයුතු සඳහා මූතුර් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.
28th May 2023 10:38:04 Hours
මේ දිනවල රටතුල සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා රජය දියත් කරන ඩෙංගු මර්දන වැඩසටහනට සහය දැක්වීම පිණිස මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් ලබාදුන් උපදෙස් අනුව සහ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මගපෙන්වීම මත 234 වන පාබල බලසේනාවෙහි අධීක්ෂණය යටතේ ඩෙංගු මර්දන වැඩසටහනක් පවත්වන ලදී.
21st May 2023 11:52:47 Hours
මේ දිනවල රටතුල සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා රජය දියත් කරන ඩෙංගු මර්දන වැඩසටහනට සහය දැක්වීම පිණස මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් ලබාදුන් උපදෙස් අනුව සහ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ අධීක්ෂණය යටතේ පුනානි හි 23 වන පාබල සේනාංකය යටතේ පාලනය වන 231 වන පාබල බලසේනාවේ භට පිරිස් විසින් ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වන ලදී.
14th May 2023 11:17:33 Hours
7 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් බුද්ධි භටපිරිස් ලද තොරතුරකට අනුව, බුද්ධි භටපිරිස් සහ සූරියපුර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග එක්ව 2023 මැයි මස 12 වන දින තෝපුර් ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන කේරළ ගංජා ග්‍රෑම් 9 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. එම මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් ඉදිරි විමර්ශණ කටයුතු සඳහා තෝපුර් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.
10th May 2023 10:45:50 Hours
22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මෙහෙයවිම යටතේ 17 වන බලඇණිය ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ භට පිරිස් විසින් 2023 මැයි 09 වන දින ත්‍රිකුණාමලය කුඹුරුපිඩිඩි මඩුවන්කුලමි සහ පුනෙයි - ආරු කැලෑ ප්‍රදේශයේ අතරමං වු සිවිල් වැසියන් 04 දෙනෙකු සොයාගෙන නිරුපද්‍රිතව භාර කරුවන් වෙත භාරදෙන ලදි.