?
13th October 2025 11:33:56 Hours
76 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව පරිසරය සුරැකීම හා සංරක්‍ෂණය පාදක කරගනිමින් 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ හා 221 පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ උපදෙස් මත 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් රෝහණ ඒකනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්‍ෂණය හා මෙහෙයවීම යටතේ, අරිසිමලේ රජමහා විහාරය ආශ්‍රිත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
වාරකන් කාලය අවසන් වීමත් සමඟ ප්‍රදේශයේ ජීවත්වන ධීවරයින් විසින් සාගරය වෙත මුදාහැර ඇති අපද්‍රව්‍ය නැවතත් වෙරළ තීරය වෙත ගොඩගසා ඇති බැවින්, එම අපද්‍රව්‍ය ඉවත් කර සංචාරකයින්ට, ධීවරයින්ට හා ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ පරිහරණය සඳහා වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් 2025 ඔක්තෝම්බර් මස 10 වන දින උදෑසැන කාලයේ මෙම ඒකකයේ නිළධාරින් හා සෙසුනිළයින් 02x20 ක භඨපිරිස් ප්‍රමාණයක් සහ ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි කඳවුරේ 00x10ක භඨපිරිස් ප්‍රමාණයකගේ ශ්‍රම දායකත්වයෙන් පවත්වන ලදි.