?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

15th October 2025 10:06:14 Hours

76 යුද්ධ හමුදා දිනය වෙනුවෙන් කුච්චවේලි මුහුදු තිරය පිරිසිදු කිරිම.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා 76 වන සංවත්සරයට සමගාමිව කුච්චවේලි මුහුදු තිරය පිරිසිදු කිරිම සිදුකරන ලද අතර, ඒ සදහා 221 පාබල බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති තුමන් වන කර්නල් බිඒඑම්සි බෙලිගස්වත්ත ආර්ඒස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්විම යටතේ 221 බළසේනාවේ සිවිල් සමබන්ධිකරණ නිලධාරිගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන සිදුකරන ලදි.

2025 ඔක්තෝබර් මස 10 වන දින 0900 පැයේ සිට 1200 පැය දක්වා කාළය තුල මෙම වැඩසටහන පැවැත්වු අතර, ඒ සදහා මෙම පාබල බලාසේනා මුලස්ථානයේ නිලධාරි/සෙසුනිලයින් 04x25 හා ප්‍රදේශයේ තරුණ ප්‍රජාවද, ධිවර සමිති සමාජිකයින් මේ සදහා සහභාගි වන ලදි, “පිරිසිදු වෙරළ තිරයක් ආකර්ෂණිය සංචාරක ගමනාන්තයක්” යන තේමාවට අනුව වෙරළ තිරය පිරිසිදු කල අතර, ඒ තුලින් සමුද්‍රයේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරිම හා පිරිසිදු සමුද්‍රිය වෙරළ තිරයක් ප්‍රජාවට ලබාදිම අරමුණ විය.

මෙම වැඩසටහන මගින් පරිසර හිතකාමි සංස්කෘතියන් වර්ධනය කිරිමෙන් මෙම ප්‍රදේශයේ ප්‍රජාව සහ යුද්ධ හමුදාව අතර පවතින සහයෝගිත්වය ගොඩනැංවිමට හැකිවිය.