06th August 2023 12:49:56 Hours
2023.08.01 දිනට යෙදී තිබු ඇසල පුන් පොහොය දිනය නිමිත්තෙන් 23 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 233 වන පාබල බළසේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 9 ශ්‍රිලකාහ ඒකකයේ භඨෙපිරිස් විසින් සෝමාවතිය රජමහා විහාරයේ වාර්ෂිකව සිදු කරනු ලබන ඇසල මහා පෙරහැර සාර්ථකව පැවැත්වීම සදහා විහාරස්ථාන භුමිය සහ පෙරහැර පැවැත්වීමට නියමිත මාර්ගය පිරිසිදුකිරිමි සිදුකල අතර ඊට අමතරව පෙරහැර ගමන් කිරීමට නියමිත මාර්ගය සහ විහාරස්ථාන භුමිය අලංකාර කිරිම සදහා ලයිටි වැල් සහ බෞද්ධ කොඩි යොදා ඇසල මහා පෙරහැර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම සදහා මෙම ඒකකය වෙතින් 02 x 30 ක භඨපිරිස් ප්‍රමාණයක් යොදවා සහයෝගය ලබාදෙන ලදී.
24th July 2023 14:50:21 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) මූලස්ථානයේ සේවය කරන කාර්ය මණ්ඩලය සඳහා සුහදත්වය වර්ධනය කිරීමට 2023 ජුලි 22 වන දින වන්දනා චාරිකාවක් සංවිධානය කරන ලදී. නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ මාණ්ඩලික නිලධාරීන් විසින් මෙම චාරිකාව සංවිධානය කරන ලද අතර, ඒකාකාරී බව සමනය කිරීම සහ සහජීවනය වර්ධනය කිරීම මෙම චාරිකාව අරමුණ විය.
10th July 2023 09:45:24 Hours
2023 ජුලි මස 08 වන දින හබරණ රක්ෂිතයට අයත් ගල්ඔය, යකාවංගුව ප්‍රදේශයේ රක්ෂිතයෙහි හදිසි ගින්නක් ඇතිවු අතර, එම ගින්න අඩවි වනසංරක්ෂණ කාර්යාලය - හබරණ කාර්යය මණ්ඩලය සහ අවට ගම්වාසීන් සමඟ එක්ව ගින්න පාලනය කර පැතිරයාම අවම කිරීමට මුලික වශයෙන් කටයුතු කර ඇත. ඉන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨපිරිස් සහභාගී කර ගනිමින් කඩිනමින් මෙම හදිසි ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට කටයුතු කරන ලදි.
08th July 2023 10:16:02 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) යටතේ ස්ථාපිත 22 වන පාබල සේනාංකය යටතේ පාලනය වන 223 පාබල බලසේනාවට අයත් වන 6 වන ශ්‍රීලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භටපිරිස්ගේ සහභාගිත්වයෙන් ලේ දන්දිමේ වැඩසටහනක් 2023 ජුලි මස 04 වන දින ත්‍රිකුණාමලය මොරවැව රෝහලේ රුධිර බැංකු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.
07th July 2023 14:53:42 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) යටතේ ස්ථාපිත 22 වන පාබල සේනාංකය යටතේ පාලනය වන 221 වන පාබල බලසේනාවට අයත් 20 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සම්බන්ධීකරණය සිදුකර 2023 ජුලි 04 වැනි දින රුපියල් 320000.00ක් වටිනා පාසල් උපාංග සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මහසෙන්පුර පරණ මැදවච්චිය විද්‍යාලයේ සිසුන් 80 දෙනෙකු සදහා පිරිනමන ලදි.
04th July 2023 21:40:07 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නායකත්වයසහ මගපෙන්වීම මත 2023 ජුනි 30 වන දින24 වන පාබල සේනාංකයේ භට පිරිස් අතර කණ්ඩායම් ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීම, ආතතිය සහ ඒකාකාරීභාවය අඩු කිරීම සහ භට පිරිස් අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විනෝද චාරිකාවක් සැලසුම් කරන ලද අතර එහිදී සේනාංක මුලස්ථානයේ රාජකාරි සිදු කරනු ලබන භට පිරිස් හට මුහුදු මහා විහාරය සහ ආරුගම් බොක්ක ප්‍රදේශය සංචාරය කිරීමට අවස්ථාව හිමි විය.
28th June 2023 12:44:13 Hours
7 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් බුද්ධි භටපිරිස් ලද තොරතුරකට අනුව, එම භටපිරිස් සහ කදිරවේලි පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් සමග එක්ව 2023 ජුනි මස 22 වන දින වෙරුගල් ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන (Methamphetamine) අයිස් ග්‍රෑම් 115 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
28th June 2023 12:31:56 Hours
7 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් බුද්ධි භටපිරිස් ලද තොරතුරකට අනුව, එම භටපිරිස් සහ සර්ධාපුර පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් සමග එක්ව 2023 ජුනි මස 18 වන දින කින්නයා ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන (Methamphetamine) අයිස් ග්‍රෑම් 5ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
27th June 2023 15:42:48 Hours
7 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් බුද්ධි භටපිරිස් ලද තොරතුරකට අනුව, බුද්ධි භටපිරිස් සහ කින්නියා පොලිස් නිලධාරීන් සමග එක්ව 2023 ජුනි මස 14 වන දින කරුන්ජන්කේනි, කින්නියා ප්රිදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්රවව්යකයක් වන කේරළ ගංජා ග්රෑොම් 50ක ප්රේමාණයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. එම මත්ද්රරව්යර සමග සැකකරුවන් ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කින්නියා පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.
27th June 2023 15:31:33 Hours
7 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් බුද්ධි භටපිරිස් ලද තොරතුරකට අනුව, එම භටපිරිස් සහ එච්චලම්පත්තු පොලිස් නිලධාරීන් සමග එක්ව 2023 ජුනි මස 13 වන දින සිත්තිපලම්, කලවංච්කුඩි ප්‍ර දේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්‍ර0ව්‍යජයක් වන කේරළ ගංජා ග්රෑ ම් 50 මිලිග්රෑකම් 220 ක ප්රේමාණයක් සමග පුද්ගලයින් හතර දෙනෙතු අත්අඩංගුවට ගෙන ඇත.