?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th October 2025 06:57:01 Hours

ලෝක ළමා දිනය සමගාමීව ත්‍රි/සාගරපුර කණිෂ්ඨ විද්‍යාලය සිසුන් හට පාසල් උපකරණ කට්ටල බෙදාදෙයි.

ලෝක ළමා දිනයට සමගාමිව මෙම බළප්‍රදේශයේ අඩු පහසුකම් සහිත පාසලක් වන ත්‍රි/සාගරපුර කණිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දු දරුවන්ගේ අධ්‍යාපණ තත්වය උද්දිපණය කිරිම වෙනුවෙන අධ්‍යාපණ උපකරණ කට්ටල බෙදාදිමේ වැඩසටහනක් 2025 ඔක්තෝබර් මස 01 වන දින සිදුකරන ලදි.

මේ සදහා 221 පාබල බලසේනාධිපති තුමන් වන බ්‍රිගේඩියර් ඊ ඩබිලිව් ආර් එස් බි ඇහැලේපොල යුඑස්පි යුඑස්ඒසිජිඑස් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මග පෙන්විම මත 221 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි තුමන්ගේ අධීක්‍ෂණය මත සිදුකරන ලදි.

උත්සවය අවසානයේ සිසු දරු දැරියන්ට සහ ගුරු මණ්ඩලයට ප්‍රනිත ආහාර වේලක් ලබාදුන් අතරම මේ සදහා යුද්ධ හමුදා නිලධාරි/සෙසුනිලයින් 05x10 භඨ පිරිසක් සහභාගි විය.