?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th November 2025 12:32:52 Hours

7 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් ගංවතුරෙන් බලපෑමට ලක් වූ පිරිසක් ආරක්ෂිතව බේරාගැනීම සදහා මෙහෙයුමක් සිදු කරන ලදී.

ඇතිවූ වර්ෂාපතනය හේතුවෙන් මෙම ආසේමු (නැ) බලප්‍රෙද්ශයට අයත් පොලොන්නරුව පොදු ක්‍රීඩාංගණ ප්‍රදේශය සහ පුදූර් ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් වාර්තා විය.

ඒ අනුව ගංවතුර තර්ජනය හේතුවෙන් ඉහතින් සදහන් ප්‍රදේශයන්හි ජනතාව බලපෑමට ලක්විය. එබැවින් 7 කාඉරෙ ශ්‍රිලංඉ භඨ පිරිස් විසින් 2025 නොවැම්බර් 28 වන දින 01 × 03 බෝට්ටු කණ්ඩායමක් යොදවා බලපෑමට ලක්වූ ප්‍රදේශයන්හි ජනතාව මුදාවා ගැනීම සඳහා කටයුතු සිදු කරන ලදි.