?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

30th November 2025 13:06:41 Hours

7 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් ගංවතුරෙන් බලපෑමට ලක් වූ පිරිසක් ආරක්ෂිතව බේරාගැනීම සහ ආපදාවන්ට තත්වයට ලක්වු සිවිල් වැසියන්හට අවශ්‍යතා සැපයිමේ කටයුතු සිදුකරන ලදි.

ඇතිවූ වර්ෂාපතනය හේතුවෙන් මෙම ආසේමු (නැ) බලප්‍රෙද්ශයට අයත් පොලොන්නරුව පොදු ක්‍රීඩාංගය සහ නෙලුම්වැව, ගල්ලෑල්ල අවට ප්‍රදේශයේ ඇතිවු දැඩි ගංවතුර නිසා බලපෑමට ලක්වු සිවිල් විසියන් 565 පමණ මුදාගත් අතර, මුදාගත් පිරිස අතර, ගැබ්ණි මාතවන් කිහිපදෙනෙක් සිටින ලදි. පසුව මුදාගත් සිවිල් වැසියන් පොළොන්නරුව කාර්මික විද්‍යාලේ පිහිටා ඇති අවතැන් කඳවුරු වෙත ආරක්ෂිතව රුගේන යාමට කටයුතු සිදුකරන ලදි.

තවද අවැතැන් කඳවුරු තුල සිටි 3000 පමණ සිවිල් වැසියන්හට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහ ආහර සපයිම සඳහා 7 කාඉරෙ ශ්‍රිලංඉ භඨ පිරිස් විසින් 2025 නොවැම්බර් 28 වන දින 02 × 15 භඨ පිරිස් ප්‍රමාණයක් යොදවා සහන සැපයිමේ කටයුතු සිදු කරන ලද අතර, බෝට්ටු කණ්ඩායමක් යොදවා බලපෑමට ලක්වූ ප්‍රදේශයන්හි ජනතාව තවදුරටත් මුදාවා ගැනීම සඳහා කටයුතු සිදු කරන ලදි.