?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd December 2025 15:32:13 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් සොරුවිල ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් පවුල් සඳහා වියළි සලාක මලු පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි.

සොරවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හදිසි ආපදා තත්වය හා ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව වෙත වියලි සලාක මලු ලබා දීම 2025.12.02 දින වැඩසටහනක් පවත්වන ලදී.

ආරක්‍ෂක සේනාව නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් පි කේ ඩබ්ලිව් ඩබ්ලිව් එම් ජේ එස් බි ඩබ්ලිව් පල්ලෙකුඹුරආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියු පීඑස්සීජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උදාරතර සංකල්පයකට අනුව 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිමේජර් ජෙනරාල් ජි පි පි කුලතිලක එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සම්බන්ධිකරණයෙන්231 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එස් ඩි කේ ඩබ්ලිව් එම් එම් අයි වැලිවිට ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධික්‍ෂණයෙන් යුතුව 12 වන ගැමුණු හේවා බලකාය අණදෙන නිලධාරි මේජර් අසේල ගුණසේකර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු නිලධාරින් හා සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් වැඩසටහන සිදුකරන ලදි.

මෙම සත් ගුණවත් වැඩසටහන මේ ආකාරයෙන් සාර්ථක කර ගැනිම සඳහා වු මුල්‍යමය අනුග්‍රහය දක්වනු ලබන්නේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ආදරණිය මැතිණීය වන හේමාස් ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා ශ්‍රිරෝමි මාසකෝරාල මැතිණිය විසින්ය.