25th October 2021 12:47:44 Hours
වසර 140 කට වැඩි පෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව සිය අභිමානවත් 32 වන සංවත්සරය 2021 ක් වු ඔක්තෝබර් මස 23 වන දින ඉතා උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීය. ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය 1989 ජුනි මස 30 වන දිනට යුද්ධ හමුදා විශේෂ නියෝගයට අනුව පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ, 1 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව ස්ථාපිතව තිබූ භූමියේදී වර්ෂ 1989 ක් වු ඔක්තෝබර් මස 23 වන දින රෙජිමේන්තු ධජය ඔසවා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය ආරම්භ කරන ලද අතර එදා මෙදා තුර “සේවය කරමි” යන ආදර්ශ පාඨය පෙරදැරිව මාතෘ භූමියේ ස්වෛරිභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරක්ෂා කිරීම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරනු ලබයි.
22nd October 2021 09:34:05 Hours
රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති තුමන්ගේ සංකල්පයක් මත රෙජිමේන්තුවට අයත් රණවිරුවන් වෙත නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද අතර, එය රෙජිමේන්තුවේ සියලු බළඇණි නියෝජනය වන පරිදි ක්‍රියාත්මක විය. මෙහිදී එක් බළඇණියක් විසින් තෝරාගත් එක් රණවිරුවෙකු හට නිවසක් ඉදිකර දීම සිදුකළ අතර, මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නිවාස 20ක් වීරෝධාර රණවිරුවන් හට ප්‍රදානය කිරීමට සැළසුම් කෙරිණි.
21st September 2021 19:16:22 Hours
ශ්‍රී ලංකා පාබල හමුදාවේ 14 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ශ්‍රීලපාහ බලඇණි සංචාරයෙහි පළමු අධියර සනිටුහන් කරමින් 2021 සැප්තැම්බර් මස 16 වන දින පිළිවෙලින් 16 (සෙව්) , 9 (සෙව්) හා 11 ශ්‍රීලපාහ ඒකකයන්ද, 2021 සැප්තැම්බර් මස 17 වන දින පිළිවලින් 20, 19, 10 හා 17 (සෙව්) ශ්‍රීලපාහ යන ඒකකයන්ද, අවසන් වශයෙන් 2021 සැප්තැම්බර් මස 18 වන දින පිළිවලින් 7, 12, 23 හා 14 (සෙව්) ශ්‍රීලපාහ ඒකකයන්හීද සංචාරය කරන ලදී.
13th September 2021 16:49:59 Hours
රෙඡිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිවිපී ආර්එස්පී එන්ඩියූ යන ජ්‍යේෂ්ඨ නිලධාරිතුමන්ගේ සංකල්පයක් මත ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී ශිරෝමාලා කොඩිතුවක්කු මැතිණියගේ පූර්ණ මග පෙන්වීම මත ක්‍රියාවට නංවන ලද ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියළුම ඒකකයන් නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති රණවිරුවෙකු හට නිවසක් ඉදිකර දීමේ මහඟු සත්කාර්යේ දෙවන පියවර යටතේ 9 (සෙව්) ශ්‍රීලපාහ ඒකකයේ ශ්‍රම දායකත්වයෙන් අංක 50/06, මගුල් දමන, පැලැටියාව, පොළොන්නරුව ලිපිනයේ පදිංචි එම ඒකකයට අයත් සෙ/9ඩි01460 කෝප්‍රල් මහකුමාර එම්කේඩීඑස් හට රුපියල් ලක්‍ෂ 1,500,000.00 ක් වටිනා නව නිවසක් ඉදිකර 2021.09.05 දින 1010 පැයට යෙදුන සුභ මොහොතින් නිවාසලාභී කොනොනි හට ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මහකාරක සභාවේ ජ්‍යේෂ්ඨ සමාඡික හා නැගෙනහිර ආරක්‍ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් සීඩී වීරසුරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යේෂ්ඨ නිලධාරි තුමාගේ සභාගිත්වයෙන් නිවසේ යතුර භාරදෙන ලදී.
28th June 2021 13:34:12 Hours
ශ්‍රීලපාහ රෙජිමේන්තු ක්‍රීඩා සංචිතයන් හී වත්මන් තත්වය හා එහි අභිවෘද්ධිය උදෙසා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්ඒස්පී ඒන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන් හා සියළුම ක්‍රීඩා සංචිතයන් භාරව කටයුතු කරන ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2021.06.25 වන දින රෙම ශ්‍රීලපාහ ප්‍රධාන දේශන ශාලාවේ දී ක්‍රීඩා සම්බන්ධීකරණ සාකච්ඡාවක් පැවැත්විය.
23rd April 2021 14:34:20 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ අභිනවයෙන් පත් වු 14 වැනි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිවපී ආර්එස්පී එන්ඩීයු ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් වැඩ භාරගැනිම සදහා 2021 අප්‍රේල් මස 22 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලදී.
22nd April 2021 21:49:39 Hours
වසර 35 කට ආසන්න යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් පසුගිය දා විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති ධූරය හෙබවූ මේජර් ජෙනරාල් කේඩබ්ලිව්ආර් ද ආබ්‍රේව් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී ජ්‍යේෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2021 අප්‍රේල් මස 21 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
13th April 2021 06:13:26 Hours
රෙජිමේන්තු අධිපති තුමාගේ සංකල්පයක් මත ජ්‍යේ්ෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව, කනිෂ්ඨ මාන්ඩලික පඨමාලාව හා නිල උසස්කිරීම් පරීක්ෂන සදහා පෙනී සිටීමට නියමිත නිලධාරීන් හට ඉංග්‍රීසි භාශා පුහුණු පාඨමාලාවක් 2021.03.17 දින සිට 2021.04.10 දින දක්වා Rainbow Institute Lanka (pvt) Ltd ආයතනය වෙතින් පවත්වන ලදි. මේ සදහා නිලධාරීන් 30 ක් සහභාගී වු අතර, මෙම පාඨමාලාව සේනාවිධායක තුමා ඇතුලු නිලධාරී මඩුල්ලකගේ අධීක්ෂනය යටතේ රෙම ශ්‍රීලපාහ පුහුණු අංශය විසින් සිදුකරන ලදි.
02nd March 2021 16:08:13 Hours
වර්ෂ 1966 ක් පෙබරවාරි මස 28 වන දින මාතලේ මහ රෝහලෙදි උපත ලද කිත්සිරි ඒකනායක මුලික අධ්‍යාපනයන් බණ්ඩාරපොල මහ විද්‍යාලය හා මාතලේ විජය මහ විද්‍යාලයෙන් හදාරා තම උසස් අධ්‍යාපනය මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ අතර එම පාසල්හි ක්‍රිඩා කටයුතු වලදි කැපිපෙනෙන දක්ෂතා දක්වා ඇති අතර පොදු කටයුතු වලදි ද කැපිපෙනෙන දිප්තිමත් ශිෂයෙකු වශයෙන් තම පාසැල් දිවිය සාර්ථකව නිම කිරිමෙන් අනතුරුව දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වස් වර්ෂ 1987 ක් ජුලි මස 21 වන දින ශ්‍රීලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාවට ආධුනික කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳී, මූලික පුහුණුව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙතින් ඉතා සාර්ථකව හැදෑරීමෙන් පසු වර්ෂ 1989 ජුනි මස 23 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්විමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ 4 වන බළඇණියට ඇතුළත් විය. ඉන් අනතුරැව යුධ හමුදා විවිධ ආයතනයන්හි තනතුරු විශාල ප්‍රමානයක් දරණ ලද අතර අවසන් වශයෙන් අධ්‍යක්‍ෂ සැළසුම් වශයෙන් රාජකාරී කරන ලදි.
17th February 2021 16:30:04 Hours
ශ්‍රි ලංකා පාබල හමුදාවේ 13 වන රෙජිමේන්තු අධිපති ලෙස පත්වු මේජර් ජෙනරාල් කේඩබ්ලිව්ආර් ද අබ්‍රේව් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි එච්ඩිඑම්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ශ්‍රිලපාහ ඒකක සංචාරය තුන්වන අධියර සනිටුහන් කරමින් 2021 පෙබරවාරි 17 වන දින 8 ශ්‍රිලපාහ ඒකකයෙහි සිදු කරන ලදි. ශ්‍රිලපාහ ඒකකයන් හි නිලධාරින් හා සෙසුනිලයින්ගේ අවශ්‍යතා පිළිබඳ සහ ඔවුන්ගේ ඉදිරි අභිවෘද්ධිය සඳහා වු සියලු පාලන කටයුතු විධිමත්ව සිදුකිරිම පිළිබඳව සොයා බැලිම මෙම ඒකක සංචාරයේ මුලික පරමාර්ථය විය.