Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

28th June 2021 13:34:12 Hours

ශ්‍රීලපාහ රෙජිමේන්තු ක්‍රීඩා සංචිතයන් සංවර්ධනය හා වත්මත් තත්වය පිළිබඳ රෙජිමේන්තු අධිපති තුමන් සමග සිදුකළ සාකච්ඡාව

ශ්‍රීලපාහ රෙජිමේන්තු ක්‍රීඩා සංචිතයන් හී වත්මන් තත්වය හා එහි අභිවෘද්ධිය උදෙසා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්ඒස්පී ඒන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන් හා සියළුම ක්‍රීඩා සංචිතයන් භාරව කටයුතු කරන ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2021.06.25 වන දින රෙම ශ්‍රීලපාහ ප්‍රධාන දේශන ශාලාවේ දී ක්‍රීඩා සම්බන්ධීකරණ සාකච්ඡාවක් පැවැත්විය. එහිදී ක්‍රීඩාව හා සබැදි වැදගත් තීරන රාශීයක් සාකච්ඡාවට ගැණුන අතර සියලු ක්‍රීඩා සංචිතයන් ශක්තිමත් කිරීම හා ගොඩනැන්වීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගැණුනි. මෙහිදී රෙජිමේන්තු මලල ක්‍රීඩා සංචිතයෙහි රිටි පැනීමේ ඉසව්ව සඳහා මහත් අඩුපාඩුක්ව පැවැති රු 210,000.00 ක් වටිනා රිටක් ජාතික දක්‍ෂතා දක්වන ලද ක්‍රීඩකයින් වෙනුවෙන් ඔවුන්ගේ ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සඳහා ප්‍රදානය කරන ලදී. තවද එම අවස්ථාවේ දී බ්‍රිගේඩියර් සී රණවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඒන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් විසින් තම මූල්‍ය දායකත්වයෙන් මලල ක්‍රීඩා සංචිතය වෙත සැහැල්ලු ශක්ති වර්ධක ව්‍යායාම පටි 11ක් ද එහිදී ප්‍රදානය කරන ලදී. මෙම සාකච්ඡාව සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ටීසීකේ පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්ඒස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන් ඇතුලු රෙම ශ්‍රීලපාහ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් සහභාගී විය.