Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

ශ්‍රී ලංකා පාබල හමුදා ඉතිහාසය

ශ්‍රී ලංකා පාබල හමුදා ආරම්භය

1750 වකවානුවේ බ්‍රිතාන්‍ය ජාතිකයින් උතුරු ඇමෙරිකාවේ බලය ලබා ගැනිමට උත්සාහයක යෙදුනි. එහිදී ඇතිවුන සටන් වලදී රතු ඉන්දියානුවන් සැහැල්ලු ආයුධ භාවිතා කරමින් බ්‍රිතාන්‍ය හමුදාවන්ට පහර දෙන ලදි. බ්‍රිතාන්‍ය හමුදාවන්ගේ අවි ආයුධ ඇදුම් පැළදුම් සහ හිස්වැසුම බරින් වැඩි නිසා අවැසි ආකාරයට සටන් කිරිමට මෙන්ම සැහැල්ලුවෙන් ගමන් කිරිමටද අපහසු විය. බ්‍රිතාන්‍ය හමුදාවන්ට සටන් වලට පහසු වන සේ හමුදා ඛණ්ඩ නැවත සැහැල්ලු ආයුධ සහිතව ප්‍රතිසංවිධානය කරන ලදී. එම කරුණු මුල්කරගෙන පාබල හමුදාවන් සැහැල්ලු ආයුධ අතැතිව යන සොල්දාදුවා යන අරුත සහිත ලයිට් ඉන්ෆන්ට්‍රි යන (LIGHT INFANTRY) යෙදුම ලැබිනි.

1861 අප්‍රේල් 11 දින මාතලේ සහකාර ඒජන්ත කාර්යාලයේදී සහකාර ඒජන්ත බ්‍රෝඩ් මහතාගේ ප්‍රධානයෙන් මාතලේ ප්‍රදේශයේ ස්වේච්ජා රයිෆල් රෙජිමේන්තුවක් පිහිටුවා ගැනීම සදහා වු මුලික කටයුතු සම්පාදනය කරන ලදී. ඒ අනුව 1861 අංක 03 දරණ ආඥා පනත මගින් බ්‍රිතාන්‍ය මහ රැජිනගේ අනුමැතිය ලැබුණි. උක්ත නියෝගයෙහි ප්‍රකාර 1862 ජුලි මස 02 වන දින ස්වේච්ජා හමුදාවක් නගා සිටුවිම සදහා වු අංක 3326 දරණ විශේෂ ගැසට් පත්‍රය 1862 ජුලි මස 05 වන දින ප්‍රකාශයට පත් කරන ලදී. මේ අනුව 1881 අප්‍රේල් 01 වන දින සිලෝන් වොලන්ටියර්ස් ආරම්භ විය. මෙහි ප්‍රථම අණදෙන නිලධාරි වශයෙන් පත්වුයේ ලුතිතන් කර්නල් ජෝන් ස්කොට් ආම්ටේජ්ය. 1881 අගෝස්තු 06 වන දින සිලෝන් ලයිට් ඉන්ෆැන්ට්‍රි වොලන්ටියර්ස් (Ceylon Light Infantry Volunteers) යන නම නිළ වශයෙන් අනුමත විය.

1881.04.01 වන දින සිලෝන් වොලන්ටියර්ස් නමින් 2 ස්වේච්ජා ලංකා පාබල හමුදාව බිහිවිම සිදුවිය. (මෙම අනුමැතිය දැන්වීම 1881 අප්‍රේල් මස 01 වන දින රජයේ ගැසට් පත්‍ර අංක 4396 හි 528 වන පිටුවෙන් ප්‍රකාශයට පත්කරන ලදී.) 1881.04.06 වන දින ඒකක ප්‍රථම අණදෙන නිලධාරි වශයෙන් බ්‍රිතාන්‍යයේ 21 වන ස්වේච්ජා ලැන්කෂියර් රයිෆල් බලකායට අයත් ලුතිතන් කර්නල් ජෝන් ස්කොට් ආම්ටේජ් පත්කරන ලදී. 1881.05.30 වන දින ඒකක මුලස්ථානය කොළඹ පිටකොටුවේ කුමාර වීදියේ පිහිටි පැරණි ලන්දේසි ගොඩනැගිල්ලක පිහිටුවන ලදී. මෙම ඒකකයේ 08 × 183 ක් ක්‍රියාන්විතයේදී රටදැය වෙනුවෙන් ජිවිත පුජා කළ අතර, තවද 06 × 188 ක් තුවාල සිදුවී ඇත.

1890 වර්ෂයේ මෙම ඒකකය තුල ගිලන් මැසි කණ්ඩායම ආරම්භ කරන ලදී. මෙය පසුව ලංකා වෛද්‍ය බලකාය විය.

1949 අංක 17 දරණ යුද හමුදා පනතින් යුද හමුදාවට නිත්‍ය හා ස්වේච්ජා වශයෙන් සංවිධානය විමෙන් ලංකා පාබල හමුදාවට ස්වේච්ජා බළඇණිය නව ලංකා යුද හමුදාවේ ස්වේච්ජා බළසේනාවේ ඒකකයක් විය. 1950 වසරේද ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය පාබල බළඇණි බිහිවිම සිදුවිය. මේ අනුව 1949 දී නගාලන ලද නිත්‍ය හමුදාවට අයත් "ද සිලෝන් ඉන්ෆන්ට්‍රි" නමින් හැදින්වු පාබල ඒකකය 1950 මැයි මස12 වන දින 1 වන වළඇණිය ලංකා පාබල හමුදාව (ලපාහ) නමින් නම් කරන ලදී. 1 ලපාහ ඒකකයේ ප්‍රථම අණදෙන නිලධාරි ලෙස එවකට ලුතිතන් කර්නල් එච්ඩබ්ලිව්ජී විජේකෝන් ඕබීඊඩී අණදීම භාරගෙන කොළඹ ඇචිලන් බැරැක්කයේ ස්ථානගත වන ලදී. මෙම ඒකකයේ 22 « 396 ක් ක්‍රියාන්විතයේදී රටදැය වෙනුවෙන් ජිවිත පුජා කළ අතර, 03 « 107 ක් අතුරුදහන් විය. තවද 55 « 1426 ක් හට තුවාල සිදුවී ඇත.

1954 අප්‍රේල් මස 21 වන දින දෙවන එළිසබෙත් මහ රැජින විසින් කොළම ගාලු මුවදොර පියේදී නව රාජකීය සම්මාන ධජ ප්‍රදානය කරන ලදී. එම අවස්ථාවේදී පලවන ලංකා පාබල හමුදාව වෙත ප්‍රථම වරටත් දෙවන ස්වේච්ජා පාබල හමුදා ඒකකය වෙත දෙවෙනි වරටත් සම්මාන ධජ ප්‍රදානය කරන ලදී. 1922 දී මෙම ස්වේච්ජා ඒකකය වෙත පිරිනමා තිබු රාජකීය සම්මාන ධජයන් කොළඹ කොටුවේ ශාන්ත පීතර දේවස්ථානයේ ගෞරව සහිතව තැන්පත් කරන ලදී.

1955 වසරේ ලංකා සන්නාහ සන්නද්ධ බළකාය සහ සිංහ රෙජිමේන්තුව ආරම්භ කිරීමට නිලධාරින් සහ සෙසුනිළයින් 1 ලපාහ ඒකකය වෙතින් ලබා දෙන ලදී.

1972 මැයි 22 දින ශ්‍රී ලංකාව ජනරජයක් බවට ප්‍රකාශ කිරිමෙන් පසුව ලංකා පාබල හමුදාව ශ්‍රී ලංකා පාබල හමුදාව වශයෙන් නම් කරන ලදී. ඒ අනුව එතෙක් භාවිතයට ගත් මහ රැජිනගේ සම්මාන ධජ ගෞරවයෙන් යුතුව ඒකකයෙහි කෞතුකාගාරයේ තැන්පත් කරන ලදී.

1978 ඔක්තෝබර් මස 10 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සන්නද්ධ සේවාවන්හි සේනාවිධායක අතිගරු ජනාධිපති ශ්‍රීමත් ජේආර් ජයවර්ධන උතුමාණන් විසින් පනාගොඩ 1 වන ශ්‍රී ලංකා පාබල හමුදා සරඹ භූමියේදි 1 වන ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත හා 2 වන ස්වේච්ජා පාබල හමුදා ඒකකය වෙත ජනාධිපති වර්ණ ධජ හා රෙජිමේන්තු වර්ණ ධජ ප්‍රදානය කරන ලදී.

1985.12.16 දින වන විට භටපිරිස් වර්ධනය හා ප්‍රචන්ඩකාරී වාතාවරණයත් සමග හමුදා නියෝග 2/86 යටතේ 3 වන බළඇණිය ශ්‍රී ලංකා පබාල හමුදාවේ උපත 1985.12.16 වන දින තිසාවැව යුද හමුදා කදවුරේදී සිදුවිය. 3 ශ්‍රීලපාහ ඒකක ආරම්භ කරිමට නායකත්වය ලබාදුන් නි/50394 ලුතිතන් කර්නල් එන්ඩීඑම්එම් වික්‍රමරත්න ශ්‍රීලපාහ අණදෙන නිලධාරිගෙන් අණදීම යටතේ 3 ශ්‍රීලපාහ ඒකකය ගොඩනගන ලදී. මෙම ඒකකය ගොඩනැගිම සදහා 1 ශ්‍රීලපාහ වෙතින් භඨපිරිස් අනියුක්ත කරන ලදී. මෙම ඒකකයේ 22 « 512 ක පිරිසක් ක්‍රියාන්විතයේදි රටදැය වෙනුවෙන් ජීවත පුජාකරන ලද අතර, 01 « 34 ක් අතුරුදහන් වන ලදී. පසුව යුද හමුදාවේ ව්‍යාප්තියත් සමගම මෙම බළඇණිය 1 වෙනි යාන්ත්‍රක පාබල බළඇණිය බවට පත් විය.

1987 මැයි 05 දින ලුතිතන් කර්නල් යුඒ ගුණවර්ධන පීඑස්සී ශ්‍රීලපාහ නිලධාරිගේ අණදීම යටතේ ශ්‍රී ලංකා පබාල හමුදාවේ 4 වන ශ්‍රී ලංකා පබාල හමුදා බළඇණිය පාබල හමුදාවේ තුන්වන නිත්‍ය බළඇණිය ලෙස ත්‍රිකුණාමලය මංකිබ්‍රිජ් කදවුරේදී ස්ථාපනය කරන්නට යෙදුනි. මෙම ඒකකයේ 23 « 350 ක පිරිසක් ක්‍රියාන්විතයේදී රටදැය වෙනුවෙන් ජිවත පුජාකල අතර, 00 « 30 ක පිරිසක් අතුරුදහන් වන ලදී. තවද 51 « 372 ක පිරිසක් හට තුවාල සිදුව ඇත.

1983 වසර වන විට ශ්‍රී ලංකා පාබල හමුදා ඉතිහාසයේ දෙවන ස්වේච්ජා බළඇණිය වශයෙන් එවකට පැවති දෙවන විමර්ශන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය විසුරුවා හැර එම බලකායට අයත්ව සිටි සියලුම නිලධාරින් සහ සෙසුනිලයින් ඇතුලත් කර, 1983 ක් වු අගෝස්තු මස 15 වන දින මේජර් එස්වී පානබොක්කෙ ශ්‍රීලපාහගේ අණදිම යටතේ 5 (සෙව්) බළඇණිය, ශ්‍රී ලංකා පාබල හමුදාව නව බළඇණියක් ලෙස මහනුවර - පල්ලේකැලේ කදවුරු භූමියේදි ආරම්භ කරන ලදී. මෙම ඒකකයේ 06 « 169 ක පිරිසක් ක්‍රියාන්විතයේදි රටදැය වෙනුවෙන් ජිවිත පුජාකල අතර, 00 « 01 ක් අතුරුදහන් වන ලදී. තවද 00 « 11 ක පිරිසක් හට තුවාල සිදුව ඇත.

1988 වසරේ විජයබාහු පාබල රෙජිමේන්තු ආරම්භ කිරිම සදහා 1 ශ්‍රීලපාහ ඒකකය වෙතින් නිලධාරි 02 ක් සහ සෙසුනිළයින් 42 ක් එම රෙජිමේන්තුව නගාසිටුවිම සදහා අනියුක්ත කරන ලදී.

1983 වර්ෂයේ ශ්‍රී ලංකාද්වීපයේ ආරම්භ වු කළු ජුලිය නොහොත් ජාතිවාදී අරගලයත් සමග ආරම්භ වු ත්‍රස්ථවාදි ක්‍රියා රට තුල උත්සන්න විම හේතුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විශාල වශයෙන් ව්‍යාප්ත විමට පටන් ගැනිනි. එම ව්‍යාප්තියත් සමග බළඇණි වල පරිපාලනමය කටයුතු විධිමත් කිරිම සදහා සුදුසු මුලස්ථානයක් වශයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානය ආරම්භ කිරිමට කටයුතු සිදුකරන ලදී. ඒ අනුව එවකට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති වශයෙන් කටයුතු කල ලුතිතන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ විසින් හමුදා චර්යා නියෝග 37/89 හා 1989 ජුනි 30 දිනැති විශේෂ හමුදා චර්යා නියෝග මගින් මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානය ස්ථාපනය කිරිම සදහා නියෝග නිකුත් කරන ලදී. එම නියෝග අනුව මෙම රෙජිමේන්තු මධ්‍යස්ථනාය 1989 ඔක්තෝබර් මස 23 වන දින පානාගොඩ යුද හමුදා ජනපදයේ 1 වන පාබල හමුදා බළඇණි මුලස්ථානය පිහිටි ස්ථානයේදි රෙජිමේන්තු ධජය ඔසවා ආරම්භ කරන ලදී.