Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

23rd April 2021 14:34:20 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව වෙත අභිනවයෙන් පත් වු 14 වැනි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යේෂ්ඨ නිලධාරී සිය ධුරයේ රාජකාරී භාරගැනීම

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ අභිනවයෙන් පත් වු 14 වැනි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිවපී ආර්එස්පී එන්ඩීයු ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් වැඩ භාරගැනිම සදහා 2021 අප්‍රේල් මස 22 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානයට සපැමිණි නව රෙජිමේන්තු අධිපති තුමන් ප්‍රධාන දොරටුව අභියසදී රෙජිමේන්තු නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ජේකේආර්පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් විසින් ගෞරවපූර්වකව පිළිගැනීමෙන් අනතුරුව කඳවුරු මුරයක් ලබා දෙන ලදී. අනතුරුව සරඹ භූමිය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපති තුමන්, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ටීසීකේ පිරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරි විසින් ආචාර පීඨිකාව අසලදී පිළිගෙන සරඹ භූමිය වෙත කැඳවාගෙන යන ලදී. එහිදී යුද හමුදා සම්ප්‍රදායානුකූලව අභිමානවත් සම්මාන මුරයක් නව රෙජිමේන්තු අධිපති තුමන් වෙත ලබාදෙන ලදී.

ඉන් පසු පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජීවිතය පුද කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදීත්වය පිරිනමන ලදී. තම කාර්යාලයේදී සමප්‍රදායානුකූලව ආගමික වතාවත් මැද පොල්තෙල් පහන දල්වා සිය ධූරයේ රාජකාරීන් භාරගත් රෙජිමේන්තු අධිපති තුමන් පැමිණ සිටි සියලුම නිලධාරීන් හා ජ්‍යේකොනොනින් සමඟ ඡයාරූපයකට පෙනීසිටිමෙන් අනතුරුව භඨ පිරිස් අමතමින් එතුමන්ගේ දැක්ම හා පරමාර්ථයන් පැහැදිලි කල අතර රටට ස්ථිර සාමය උදාකිරීම උදෙසා දායකත්වය ලබාදුන් මියගිය, ආබාධිත හා සේවයේ යෙදී සිටින සියලුම නිලධාරීන් හා සෙසුනිලයින් හට තම ප්‍රණාමය පුද කරන ලදී. අවසන් වශයෙන් කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සමාජ ශාලාව තුල පිලියෙල කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගී වූ නව රෙජිමේන්තු අධිපති තුමන් නිලධාරීන් හා සෙසුනිලයින් සමග සුහද පිළිසඳරක යෙදුනු අතර මෙම සියළු අවස්ථාවන් කොරොනා ව්‍යාප්ත වීම වැලැක්වීමේ නීතිරීතින් වලට අනුගතව සිදු කරන ලදී.