Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

22nd April 2021 21:49:39 Hours

ගෞරවණීය උත්තමාචාරයන්ගෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන ශ්‍රී ලංකා පාබල හමුදා 13 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව්ආර් ද ආබ්‍රේව් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී

වසර 35 කට ආසන්න යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් පසුගිය දා විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති ධූරය හෙබවූ මේජර් ජෙනරාල් කේඩබ්ලිව්ආර් ද ආබ්‍රේව් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී ජ්‍යේෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2021 අප්‍රේල් මස 21 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මේජර් ජෙනරාල් කේඩබ්ලිව්ආර් ද ආබ්‍රේව් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී ජ්‍යේෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල අණ හා මාණ්ඩලික නිලධාරි තනතුරු රැසක් හොබවමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ජාතිය වෙනුවෙන් එතුමන්ගේ විශිෂ්ඨ සේවය ලබාදී ඇත. රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපති තුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක් පිරිනැමීමෙන් අනතුරුව සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමූහ. ඉන් පසු පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජිවිතය පුද කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදීත්වය පිරිනමන ලදී. අනතුරුව තම නික්මයාම සිහි වීම පිණිස නිලධාරී නිවස්න පරිශ්‍රයේදී පැලයක් රෝපණය කිරීමෙන් පසු රණවිරු ස්මාරකය අභියසදී සමූහ ඡායාරූපයකටද පෙනී සිටින ලදී. තම යුද්ධ හමුදා ජීවිතය තුල ලබාගත් අත්දැකීම් මත පදනම්ව දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් හා සෙසුනිලයින් හට හරවත් දේශනයක් සිදුකල එතුමන් කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සමාජ ශාලාව තුල පිලියෙල කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගී වී නිලධාරීන් හා සෙසුනිලයින් සමග සුහද පිළිසඳරක නියැලෙන ලදී.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යේෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාර පුදකිරීම සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු සියළුම මාණ්ඩලික නිලධාරින්, ජ්‍යේෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.

මෙම උත්සවයේ අවසානය සනිටුහන් කරමින් එදින සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ නිලධාරි නිවස්නයේ දී රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විය. එහිදී, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ සේවය ඇගයීමට ලක් කරමින් යුද්ධ හමුදා උපකරන මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු විසින් විශේෂ සමරු තිළිණයක් එතුමන් වෙත පිරිනමන ලද අතර මෙම සියළු අවස්ථාවන් කොරොනා ව්‍යාප්ත වීම වැලැක්වීමේ නීතිරීතින් වලට අනුගතව සිදු කරන ලදී.