Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

13th April 2021 06:13:26 Hours

රෙජිමේන්තු අධිපති තුමාගේ සංකල්පයක් මත Rainbow Institute Lanka (pvt) Ltd ආයතනය වෙතින් පවත්වන ලද ඉංග්‍රීසි පාඨමාලාව

රෙජිමේන්තු අධිපති තුමාගේ සංකල්පයක් මත ජ්‍යේ්ෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව, කනිෂ්ඨ මාන්ඩලික පඨමාලාව හා නිල උසස්කිරීම් පරීක්ෂන සදහා පෙනී සිටීමට නියමිත නිලධාරීන් හට ඉංග්‍රීසි භාශා පුහුණු පාඨමාලාවක් 2021.03.17 දින සිට 2021.04.10 දින දක්වා Rainbow Institute Lanka (pvt) Ltd ආයතනය වෙතින් පවත්වන ලදි. මේ සදහා නිලධාරීන් 30 ක් සහභාගී වු අතර, මෙම පාඨමාලාව සේනාවිධායක තුමා ඇතුලු නිලධාරී මඩුල්ලකගේ අධීක්ෂනය යටතේ රෙම ශ්‍රීලපාහ පුහුණු අංශය විසින් සිදුකරන ලදි

තවද මෙම පාඨමාලාවේ සහතික ප්‍රධානය කිරීමේ උත්සවය 2021.04.10 වන දින 0900 පැයට රෙජිමේන්තු නිළධාරී නිවස්නයේදී පැවැත්වූ අතර මේ සදහා රෙජිමේන්තු අධිපති තුමා, සේනාවිධායක තුමා ඇතුලු ජ්‍යේෂ්ඨ නිලාධාරීන් හා පාඨමාලාව මෙහෙයවූ ආචාර්‍ය මණ්ඩලය සහභාගී වන ලදි.