Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

මුල් පුවත

  • රෙජිමේන්තු අධිපති තුමන්ගේ ශ්‍රිලපාහ ඒකක සංචාරය දෙවන අදියර

    11th September 2019 00:14:06 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරයේ දෙවන අදියර ආරක්ෂක සේනා මූලස්ථානය (යාපනය) සහ ආරක්ෂක සේනා මූලස්ථානය (කිළිනොච්චි) යටතේ ස්ථාපිත ඒකකයන්හි 2019 සැප්තැම්බර් මස 10 වන දින ආරම්භ කරන ලදී.

  • රෙජිමේන්තු අධිපති තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරය

    19th August 2019 22:08:37 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදාවේ 10 වන රෙජිමේන්තු අධිපති ලෙස පත්වූ මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරය 2019.08.16 වන දින 8 ශ්‍රීලපාහ ඒකකයෙන් ආරම්භ කරන ලදී.

  • ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් ලද සම්මානනීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන මේජර් ජෙනරාල් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී

    07th August 2019 13:24:33 Hours

    වසර 33 ක අඛණ්ඩ යුද හමුදා සේවයක් සපුරමින් යුද්ධ හමුදාවතුල අභිමානවත් සේවයක් නිමාකර යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන සෙන්පති, මේජර් ජෙනරාල් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ්එස්පී යුඑස්පී 2019.08.06 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථනායට පැමිණෙන ලදී.

  • ආරක්ෂක ලේකම් තූමන්ගේ රෙම ශ්‍රීලපාහ සංචාරය

    28th July 2019 12:24:10 Hours

    ආරක්ෂක අමාත්‍යංශයේ නව ආරක්ෂක ලේකම් ලෙස පත්වු ජෙනරාල් එස්එච්එස් කෝටිටේගොඩ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන මෙම රෙජිමේන්තූවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරයෙකි. හිටපු යුධ හමුදාපතිවරයෙකූ මෙන්ම රෙජිමේන්තූ අධිපති ලෙසද කටයුතූ කල මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තූමන් ශ්‍රි ලංකා පාබල හමුදාවටත් යුධ හමුදාවටත් සමස්ථ දේශයටත් වසර 35කට වඩා අග්‍රගණ්‍ය සේවාවක් සිදුකල ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයෙකි. 2019.05.29 දින අරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස වැඩ භාරගත් මෙතුමන් 2019.07.27 දින තම මව් රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය

  • ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමාගේ රෙජිමුබ ශ්‍රීලපාහ බුස්ස කඳවුරු සංචාරය

    27th July 2019 05:41:48 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2019 ජුලි මස 26 වන දින රෙජිමේන්තු මුලස්ථාන බළඇණියේ කඳවුරු සංචාරයෙහි නිරත විය.

  • ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් ලද සම්මානනීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන මේජර් ජෙනරාල් ජේආර් අම්පෙමොහොට්ටි ආර්එස්පී

    24th July 2019 14:20:09 Hours

    වසර 34 ක අඛණ්ඩ යුද හමුදා සේවයක් සපුරමින් යුද්ධ හමුදාවතුල අභිමානවත් සේවයක් නිමාකර යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන අභිත සෙන්පති, මේජර් ජෙනරාල් ජේආර් අම්පෙමොහොට්ටි ආර්එස්පී 2019.07.23 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථනායට පැමිණෙන ලදී.

  • ශ්‍රි ලංකා පාබල හමුදාවට අභිනවයෙන් පත් වු රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු

    11th July 2019 18:26:47 Hours

    හිටපු රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විශ්‍රාම යාමෙන් පසු අභිනවයෙන් පත් වු 10 වැනි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2019.07.11 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණෙන ලදී.

  • ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් ලද සම්මානනීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී

    06th July 2019 08:25:51 Hours

    වසර 35 ක අඛණ්ඩ යුද හමුදා සේවයක් සපුරමින් යුද්ධ හමුදාවට නිවැරදි නායකත්වයක් ලබාදෙමින් අභිමානවත් සේවයක් නිමාකර යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන අභිත සෙන්පති, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2019.07.05 වන දින ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථනායට පැමිණෙන ලදී.

  • ශ්‍රී ලංකා පාබල හමුදාවේ තවත් ප්‍රජා සත්කාරයක්

    25th June 2019 21:41:53 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව විසින් දියත් කරනු ලබන විවිධ වැඩසටහන් අතුරින් නිලධාරින් හා සෙසුනිලයින්ගේ සුභසාධනය වෙනුවෙන් කරනු ලබන ව්‍යාපෘථින් සහ වැඩසටහන් ප්‍රධාන ස්ථානයක් ගනු ලබයි. එහෙත් ඉන් ඉදිරියට ගමන් කරමින් සිවිල් ජනතාවගේද සුභසාධනය වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර තබා ඇත. ඒ අනුව රෙජිමේන්තු අධිපති තුමන්ගේ සංකල්පයක ප්‍රථිපලයක් ලෙස සහ එතුමාගේ මග පෙන්වීම යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි අඩු පහසුකම් සහිත ලාතුගල කනිෂ්ඨ විද්‍යාලයට දීර්ඝ කාලයක් අඩුපාඩුවක්ව පැවති පෙරදිග තුර්ය වාදක කණ්ඩායමට අවශ්‍ය භාණ්ඩ පරිත්‍යාගයක් 2019.06.23 දින ශ්‍රීලපාහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන්හා 24 සේනාංකයේ සේනාංකාධිපති වන මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.

  • බළඇණි ඉතිහාස ග්‍රන්ථය එළිදැක්විම - 5 (සෙව්) බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව

    25th June 2019 21:13:21 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ පස්වන සාමාජිකයා ලෙසින් 1987.08.15 මහනුවර පල්ලේකැලේහිදි බිහිවු 5 (සෙව්) ශ්‍රීලපාහ ඒකකය මේ වන විට වසර 32 ක දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනු ලබයි. ඉතා පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන මෙම බළඇණීයේ අතීත මතක සටහන් සහ තොරතුරු ඉතිහාස ගත කිරිම කාලින අවශ්‍යතාවයක්ව පැවතිනි. ඒ අනුව මෙම තොරතුරු ඇතුලත් බළඇණි ඉතිහාස ග්‍රන්ථය එළිදැක්විම වර්ෂ 2019 ක් වු ජුනි මස 21 වන දින මහනුවර කුණ්ඩසාලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විද්‍යාපීඨ ශ්‍රවනාගාරයේදි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවු වත්මන් ශ්‍රීලපාහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, වත්මන් මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් සිදුකරන ලදී.