Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

20th November 2020 20:56:38 Hours

නවතමයෙන් ඉදිවූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ "ගැලන්ට්" යෝගට් හා කිරි නිෂ්පාදනාගාරය විවෘතවූ වගයි.

දශක ගණනාවක සිට පාබල හමුදා රෙජිමේන්තුව තුල දියත් කරන ලද විවිධ සංවර්ධන සුභසාධන කටයුතු මෙන්ම විවිධ වූ ව්‍යාපෘතීන් අතර වෙනස්ම මුහුණූවරක් ගනිමින් නවතමයෙන් එක්වූ ගැලන්ට් යෝගට් හා කිරි නිෂ්පාදනාගාර ව්‍යාපෘතිය පෙන්වා දිය හැක.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් ශ්‍රී ලංකා පාබල හමුදාවේ සියලුම නිලධාරි/සෙසුනිලයින්ගේ ප්‍රයෝජනය සඳහා 2020.11.19 වන දින සුබ මොහොතින් මෙම සෙට් යෝගට්, යෝගට් බීම හා කිරි නිෂ්පාදනාගාර කර්මාන්තශාලාව පවරාදෙන ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමෙන්තු මධ්‍යස්ථානයේ පසුගිය කාලය පුරා සිදුකරන ලද සංවර්ධන කටයුතු සමූහයෙන් ඔබ්බට ගොස් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ දුර්දර්ශි සංකල්පයකට අනුව රෙජිමේන්තුවේ ඉදිරි අභීවෘද්ධීය සදහා ක්‍රියාවට නැංවූ මෙම ව්‍යාපෘතිතයේ මූල්‍යමය දායකත්වය සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය අනූජා ජයවීර මැතිණිය ප්‍රමුඛ ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව මෙන්ම රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් දරන ලදී. මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ ලෙස විශේෂයෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයින් හට ඉතා සහනදායී මුදලකට උසස් තත්වයෙන් යුතු සෞඛ්‍යාරක්ෂිත ප්‍රණීත යෝගට් හා යෝගට් කිරි සැපයීම වන අතර ඉතා කෙටි කාලයක් තුල මෙම සංකල්පය යථාර්තයක් බවට පත්කරලීම සඳහා පෙරපරිදිම මෙහි ඉදිකිරීම් කටයුතු පිළීබඳ සොයා බලමින් තම අධීක්ෂණ කටයුතු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අනුර දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් සිදුකරන ලද අතර රෙම ශ්‍රීලපාහ මානි 1 (පාලන) ලුතිතන් කර්නල් එල්එච්සීආර් සිරිවර්ධන ආර්එස්පී ශ්‍රීලපාහ විසින් මෙහි අධීක්ෂණ කටයුතු මෙහෙයවීය. තවද මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා ශ්‍රීලංකා පාබල හමුදා සංවර්ධන වැඩ කණ්ඩායමේ හා ඉසේරෙ වැඩ කණ්ඩායමෙන් ලද දායකත්වය අගය කළ යුතුය.