Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

30th October 2020 12:41:22 Hours

රෙජිමේන්තු අධිපති තුමාගේ 1 ශ්‍රිලපාහ රයිගම වත්ත සංචාරය

පුරා දශක හතක් ශ්‍රී ලංකාද්විපයට අමිල මෙහෙවරක් ඉටුකල ලාංකිය පාබල හමුදා ඉතිහාසයේ පෙර ගමන් කරුවා ලෙස අභිමානයෙන් පුද 1 වන ශ්‍රී ලංකා පාබල හමුදාව ස්වකීය ගමන්මග නව නිම් වලළු තව දුරටත් පුළුල් කරමින් ඉංගිරිය ප්‍රදේශයේදී නව කෘෂි ව්‍යාපෘති රාශියක් සුභ මොහොතින් ආරම්භ කරන ලදී.

ඓතිහාසික රයිගම්පුර ඉංගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි රයිගම් වත්ත නැමති කොටගල වතු සමාගමට අයත් වතු යායෙන් අක්කර 20 ක භූමි ප්‍රමාණයක් 1 ශ්‍රිලපාහ වෙත පවරා ගැනීමේ කටයුතු මේ වන විට නිම වෙමින් පවතී.ඉංගිරිය ප්‍රදේශිය ලේකම් කාර්‍යාලයේ අනුමැතිය මත එම භූමියේ සංවර්ධන කටයුතු වල තවත් ඉදිරි පියවරක් ලෙස නව රෙඩ් ලේඩි වර්ගයේ ගස්ලබු වගා ව්‍යාපෘතියක් පසුගිය සතියේදී ආරම්භ කරන ලදී. ඒකක අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඊඑම්ඩබ්ලිව් බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා පාබල හමුදා 12 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පි ආර්සිඩිඑස් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෙම කෘෂි ව්‍යාපෘතිය අධීක්‍ෂණය කිරීම උදෙසා 2020.10.24 වන දින සංචාරය කරන ලදී. මෙම අවස්ථාවට රෙම ශ්‍රිලපාහ මධ්‍යස්ථ සේනාවිධායක තුමන් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි විය.අණදෙන නිලධාරි තුමන් විසින් රෙජිමේන්තු අධිපතිතුමන් ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිළිගැනීමෙන් අනතුරුව රෙජිමේන්තු අධිපති තුමන් විසින් එම භූමියෙහි දූරියන් පැලයක් සුභ මෙහොතින් රෝපණය කරන ලදී.අනතුරුව භූමි සංචාරයේ නිරතවු අතර එහි ස්ථාපිත කර තිබූ මී මැසි ජනපද සියළු දෙනාගේ අවධානයට හා පැසසුමට ලක් විය.