Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

මුල් පුවත

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 68 වෙනි මාණ්ඩලික ප්‍රධානී වෙත ශ්‍රී ලංකා පාබල හමුදාවේ අභිමානවත් උත්තමාචාරය

    08th April 2026 19:33:05 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 68 වෙනි මාණ්ඩලික ප්‍රධානී ලෙස 2026.04.02 වෙනි දින රාජකාරී ඇරඹූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සව මාලාව 2026.04.07 වෙනි දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

  • ශ්‍රී ලංකා පාබල හමුදාවේ ගෞරවනීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන මේජර් ජෙනරාල් කේඑන්ඩී කරුණාපාල ආර්එස්පී එන්ඩීයූ

    09th March 2026 12:30:09 Hours

    වසර 36 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් කේඑන්ඩී කරුණාපාල ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී විශ්‍රාම යාම නිමිත්තෙන් ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2026 මාර්තු මස 05 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

  • සේවා වනිතාවෙන් දිවියට අත්වැලක්...

    19th January 2026 14:56:07 Hours

    යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනී යහම්පත් මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත 5 වන ස්වේච්ඡා ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/ඩී101978 ලාකෝ දසනායක ඩීඑන් යන කොනොනීගේ පූර්ණ ආබාධිත පුතනුවන්ගේ සනීපාරක්‍ෂක කටයුතු සඳහා අවැසි නාන කාමරයක් එම ඒකක රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් යුතුව සකස් කර ගැනීම සඳහා රු. 100000.00 ක මුදල් පරිත්‍යාගයක් 2026.01.13 වන දින 5 (ස්වේ) ශ්‍රීලපාහ ඒකකයේ දී සිදු කරන ලදී.

  • “දිට්වා”ආපදාවෙන් විපතට පත් රණවිරුවන් අත්නොහල ශ්‍රී ලංකා පාබල හමුදාව

    13th January 2026 16:40:06 Hours

    “දිට්වා” සුලි කුණටු තත්වය හේතුවෙන් දිවයිනට බලපෑ අයහපත් කාළගුණික තත්වය මත ගංවතුර හා නායයාම් වලට ලක්වූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය හා බළඇණිවල රාජකාරියේ නියුතු නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් සේවක මහතුන්ගේ පවුල් 188 ක් හා එම පවුල්වල පාසල් ළමුන් 222 ක් පමණ පීඩාවට පත් විය.

  • ශ්‍රී ලංකා පාබල හමුදාවේ ගෞරවනීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන මේජර් ජෙනරාල් ඒඑම්සීපී විජයරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්පීඑස් පීඑස්සී

    02nd January 2026 18:43:39 Hours

    වසර 35 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් ඒඑම්සීපී විජයරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී විශ්‍රාම යාම නිමිත්තෙන් ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2026 ජනවාරි මස 01 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

  • සේවා වනිතා ශාඛාව වෙතින් ආපදාවට ලක්වු රණවිරුවන් වෙනුවෙන් මානුෂීය ආධාර.....

    17th December 2025 17:41:45 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිනියගේ සංකල්පයකට අනුව, අයහපත් කාලගුණ තත්වයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් රණවිරුවන් වෙනුවෙන් වියලි සලාක, ඇඳුම් සහ පානීය ජලය බෙදාදීමේ වැඩසටහනක් 2025.12.14 වන දින 5 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේදී ලබාදෙන ලදී.

  • රණවිරුවන් සහ රණවිරු පවුල් වෙනුවෙන් කාලීන ධර්මදේශනයක්

    16th December 2025 21:59:59 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිනියගේ පිංබර සංකල්පයකට අනුව, වර්ථමාන සමාජයේ බහුලව දක්නට ලැබෙන සහ සමාජයට උවදුරක්ව පවතින මත් ද්‍රව්‍ය, අන්තර්ජාල සූදු සහ සමාජ මාධ්‍ය හේතුවෙන් ඇතිවන පවුල් ගැටළු අවම කර ගැනීම වෙනුවෙන් කාලීන ධර්ම දේශණයක් පූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් 2025 ක් වූ නොවැම්බර් මස 25 ක් වන දින ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී.

  • 144 වසරක අභිමානය සැමරීම හා "අභිමන් මුදුනත" රණවිරු සැමරුම - 2025

    10th November 2025 20:34:10 Hours

    ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව සිය අභිමානවත් 144 වෙනි සංවත්සරය 2025 ක් වූ නොවැම්බර් මස 03 වෙනි දින උත්සවශ්‍රීයෙන් අභිමානවත්ව සැමරූ අතර, එයට සමගාමීව 2025.11.05 වෙනි දින "අභිමන් මුදුනත" රණවිරු ස්මාරකය අභියසදී රණවිරු සැමරුම් උත්සවයක් ද පවත්වනු ලැබීය.

  • ශ්‍රීලපාහ රෙජිමේන්තු අතිරෙක භටපිරිස්හි නව කොනොනි සමාජ ශාලාව රෙජිමේන්තු අධිපතිගේ සුරතින් විවෘත වූ වගයි

    25th September 2025 16:25:25 Hours

    තිස් වසරක කුරිරු යුද්ධයේදී රණක්‍ෂිතයට පත් ශ්‍රී ලංකා පාබල හමුදවට අයත් නිලධාරීන් හා සෙසුනිලයින්ගෙන් සැදුම්ලත් පාබල හමුදා රෙජිමේන්තු අතිරේක භටපිරිස් මේ වන විට රෙජිමේන්තු පුහුණු පාසල් කඳවුරු භූමියේ ස්ථානගතකර ඇත. මෙම කඳවුරේ මහත් අඩුපාඩුවක්ව පැවති කොනොනි සමාජ ශාලාව නවතමයෙන් ඉදිකිරීම සඳහා කටයුතු ආරම්භ කළ අතර, රෙජිඅභ ශ්‍රීලපාහ අණදෙන ලුතිනන් කර්නල් ඊ කේ රන්චාගොඩ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ශ්‍රීලපාහ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය යටතේ ඉතා කෙටි කාලයක් තුළ මෙම කොනොනි සමාජ ශාලාවෙහි සියලුම ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලදී.

  • සේවා වනිතා සෙසුනිල නිවාඩු නිකේතනයට මුල්ගල් තැබූ වගයි.....

    19th September 2025 21:22:10 Hours

    යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනී යහම්පත් මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත මහනුවර පල්ලේකැලේ ප්‍ර ‍දේශයේ පිහිටා ඇති ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් 5 (ස්වේ) ශ්‍රීලපාහ ඒකක කඳවුරු පරිශ්‍රය තුල සෙසුනිල නිවාඩු නිකේතනයක් මෙම රෙජිම සේවා වනිතා ශාඛාව වෙතින් මූල්‍යමය දායකත්වයෙන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රම දායකත්වය මත ඉදිකිරීමට නියමිතව ඇත.