Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

මුල් පුවත

  • ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපතිගේ 1 ශ්‍රීලපාහ බළඇණි සංචාරය

    02nd April 2024 18:48:21 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා 17 වන රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යේෂ්ඨ නිලධාරී රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් පසු සාම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබන බළඇණි සංචාරයේ දෙවන අදියර සනිටුහන් කරමින් 2024 අප්‍රේල් මස 02 වන දින පළවන බළඇණිය ශ්‍රීලංකා පාබල හමුදාවේ නිරීක්ෂණ සංචාරයක් සිදුකරන ලදී.

  • ශ්‍රී ලංකා පාබල හමුදා සංගමයේ 71 වෙනි වාර්ෂික මහා සමුළුව - 2024

    01st April 2024 22:35:57 Hours

    වර්ෂ 1945 දෙසැම්බර් මස 17 වන දින ශ්‍රීමත් ජෙනරාල් සර් ජෝන් කොතලාවල මැතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පාබල හමුදා සංගමය වර්තමානය වන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉපැරණීම හමුදා සංගමය වේ. එහි 71 වෙනි වාර්ෂික මහා සමුළුව 2024 මාර්තු මස 30 දින පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහිදී විශ්‍රාමික නිලධාරීන් ඇතුළු එහි සාමාජිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවැත්වූ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පාබල හමුදා සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන මේජර් ජෙනරාල් ටීටීආර් ද සිල්වා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී සහභාගී විය.

  • ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපතිගේ බළඇණි සංචාරයන්

    26th March 2024 18:08:14 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා 17 වෙනි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා අර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී රෙජිමෙන්තු අධිපති ධූරයේ රාජකාරී භාරගැනීමෙන් පසු සාම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබන බළඇණි සංචාරයේ ප්‍රථම අදියර සනිටුහන් කරමින් 2024 මාර්තු මස 22 වන දින 12, 15, සහ 19 යන ශ්‍රීලපාහ බළඇණිවල ද, 2024 මාර්තු මස 23 වන දින 3,7,10, හා 9 (සෙව්) යන ශ්‍රීලපාහ බළඇණිවල ද, 2024 මාර්තු මස 24 වන දින 4, 6 හා 17 (සෙව්) යන ශ්‍රීලපාහ බළඇණිවල නිරීක්‍ෂණ සංචාරයන් සිදුකරන ලදී.

  • ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 17 වැනි රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී සුබ මොහොතින් රාජකාරී අරඹයි

    18th January 2024 19:06:55 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 17 වැනි රෙජිමේන්තු අධිපති වශයෙන් අභිනවයෙන් පත්වූ මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරී භාරගැනීම සඳහා 2024 ජනවාරි මස 16 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලදී.

  • ශ්‍රී ලංකා පාබල හමුදාවේ 16 වන රෙජිමේන්තු අධිපතිවූ මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී තම මව් රෙජිමේන්තුවේ ගෞරවණීය උත්තමාචාරය ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යයි...

    16th January 2024 21:30:09 Hours

    වසර 35 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත රෙජිමේන්තු ගෞරවාචාරය පුදකිරීමේ උත්සවය 2024 ජනවාරී මස 14 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.

  • අභිනවයෙන් විවෘතවූ රෙජිමේන්තු "බී" පිවිසුම් දොරටුව හා මුරහල.

    11th January 2024 19:21:57 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත ඇතුලුවීමට පිවිසුම් දොරටු දෙකකින් සමන්විත අතර, පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සංකල්පයක් මත කඳවුරෙහි “බී” දොරටුව හා එම දොරටුවෙන් ඇතුලු වන ගමන් මාර්ග ප්‍රදේශය නවීකරණය කර එම ආසන්නයේ නවීන අංගෝපාංගවලින් සමන්විත මුරහලක් ස්ථාපනය කිරීමට උපදෙස් ලබාදෙන ලදී.

  • රෙජිමේන්තු අධිපතිගේ ශ්‍රීලපාහ බළඇණි සංචාරය

    09th January 2024 22:08:40 Hours

    නුදුරේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යෑමට නියමිත පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් සම්ප්‍රදායානුකූලව සිදුකරන ලද ශ්‍රීලපාහ බලඇණි සංචාරය 2024 ජනවාරි මස 06, 07 සහ 08 යන දිනයන්හිදී සිදුකරන ලදී.

  • රණවිරු පවුලට විරු සවියෙන් නව නිවසක්

    31st December 2023 11:37:43 Hours

    රෙජිමේන්තු අධිපතිගේ උදාරතර සංකල්පයක් මත දියත් කරන ලද පුර්ණ නිවාස ව්‍යාපෘතියේ II වන අදියර යටතේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය වන පරිදි එක් බලඇණියක් විසින් නිවසක් නොමැති රණවිරුවකු වෙත නිවසක් ඉදිකර දීම සිදුකරනු ලබයි.

  • අභිනවයෙන් විවෘතවූ සේවාවනිතා "ගැලන්ට් බාර් ස්නැක්ස්" නිෂ්පාදනාගාරය

    30th December 2023 15:25:56 Hours

    කුරීරු ත්‍රස්තවාදයට එරෙහිව යුද වැද රට ජාතිය වෙනුවෙන් තම ජීවිත පුදකළ හා රණක්‍ෂිතයටපත් රණවිරුවන් හා විශ්‍රාමික මෙන්ම දැනට සේවයේ නියුතු සියළු නිලයින්ගේ සුබ සාධන කටයුතු ඉහළ නැංවීම සඳහා අරමුදල් රැස්කරගැනීමේ අරමුණින් සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි උත්පලා හෙට්ටිආරච්චි මහත්මියගේ සංකල්පයක් මත රෙජිමේන්තු සංවර්ධන ව්‍යාපෘති යටතේ මෙම ගැලන්ට් බාර් ස්නැක්ස් නිෂ්පාදනාගාරයේ ඉදිකිරීම් කටයුතු 2023 ඔක්තෝබර් මස 26 වන දින ආරම්භ කරන ලදී.

  • “පාබල මේලා” සැණකෙළිය - 2023

    26th December 2023 09:31:29 Hours

    විරෝධාර රණවිරුවන්ගේ සුබසාධනය හා ජිවන ප්‍රවර්ධනය උදෙසා ශ්‍රී ලංකා පාබල හමුදා සංගමය මගින් සංවිධානය කරණු ලැබූ "පාබල මේලා" සැණකෙළිය දෙසැම්බර් මස 22 හා 23 යන දෙදින තුළ සහරා ෆ්ලෑෂ් හා සනිධප සංගීත රසයෙන් දිවයිනේ සුප්‍රසිද්ධ ගී තරු පිරිවරා හික්කඩුව මහජන ක්‍රිඩාංගණයේදී අති උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී. පාබල මේලා සැණකෙළිය මේ දක්වා වසර 8 ක් පාබල හමුදා රෙජිමේන්තුව මගින් සංවිධානය කළ අතර මෙවර 9 වෙනි පාබල මේලා සැණකෙළිය ප්‍රථම වරට පාබල හමුදා සංගමය විසින් සංවිධානය කරන ලදී