Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

මුල් පුවත

  • 2022 වර්ෂයේ ප්‍රථම මහසභා රැස්වීම පැවැත්වීම

    26th January 2022 11:28:11 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී ශිරෝමාලා කොඩිතුවක්කු මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2022 වර්ෂයේ ප්‍රථම මහසභා රැස්වීම 2022.01.23 වන දින 1500 පැයට ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරී නිවස්නයේදී පවත්වන ලදි. ඒ සඳහා සේවා වනිතා ශාඛාවේ ගරු උප සභාපතිනිය, ගරු ලේකම් තුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ සාමාජිකාවන් සහභාගීවූ අතර, අදාළ මහසභා රැස්වීම දැනට රට තුල පවතින කොවිඩ් 19 වසංගත තත්වය මත පනවා ඇති සෞඛ්‍ය නීති රෙගුලාසීන්ට අනුකූලව ඉතා චාම් අන්දමින් පවත්වන ලදී..........

  • ශ්‍රී ලංකා පාබල හමුදා ගෞරවනීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන බ්‍රිගේඩියර් ඩබ්ලිව්පීආර් විජේරත්න

    20th January 2022 17:56:07 Hours

    වසර 35 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්පිආර් විජේරත්න ජ්‍යේෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2022 ජනවාරි මස 15 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

  • ශ්‍රී ලංකා පාබල හමුදා ගෞරවනීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන බ්‍රිගේඩියර් එම්පී ගුණසිංහ ආර්එස්පී

    20th January 2022 17:09:56 Hours

    වසර 35 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් එම්පී ගුණසිංහ ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2022 ජනවාරි මස 02 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී..........

  • පාබල සාමාජිකයන්ගේ සුබසාධනය සඳහා ආරම්භ කළ නවතම ව්‍යාපෘතිය

    20th January 2022 17:00:23 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පුර්ණ අධික්ෂණය, මඟ පෙන්වීම හා ශ්‍රම දායකත්වය යටතේ ඉංගිරිය පාබල මිටියාවත පරිශ්‍රය තුළ අභිනවයෙන් ඉදිකරන ලද ගැලන්ට් පානිය ජල බෝතල් ව්‍යාපෘතිය යුද්ධ හමුදා නියෝජ්‍ය මණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන්ගේ සුරතින් 2022.01.12 වන දින විවෘත කර ඉදිරියට පවත්වාගෙන යාම සදහා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී ශිරෝමාලා කොඩිතුවක්කු මැතිණිය වෙත චරිත්‍රානුකූලව භාරදුන් අතර, එම අවස්ථාව සඳහා මහා කාරක සභාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන්ද සහභාගී වන ලදී.........

  • රණක්ෂිතයට පත් රණවිරුවන් උදෙසා මෙරට ඉදිවූ ප්‍රථම පුස්තකාලය රණවිරු සුරතට පත් කිරීම.

    20th January 2022 16:50:38 Hours

    ආර්යා පදනමේ සංකල්පයකට අනුව එම පදනමේ ප්‍රධාන මූල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන බලඇණිය බූස්ස කදවුරේ මූල්‍යමය හා ශ්‍රම දායකත්වයෙන් අභිනවයෙන් ඉදිකරන ලද අංග සම්පූර්ණ පුස්ථකාල ගොඩනැගිල්ල එම කඳවුරේ රාජකාරි කරන ලද රණක්‍ෂිතයට පත් නිලධාරි/ සෙසුනිලයින්ගේ ප්‍රයෝජනය සඳහා සහ ඔවුන්ගේ ආධ්‍යාත්මික සහ මානසික සුවතාවයන් තවදුරටත් පවත්වා තබා ගැනීම සඳහාත් 2021 දෙසැම්බර් මස 30 වන දින උදෑසන 10.12 ට යෙදුනු සුබ මොහොතින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන්ගේ සුරතින් විවෘත කරන ලදී.........

  • රෙජිමේන්තු අධිපතිගේ ශ්‍රීලපාහ බළඇණි සංචාරය

    01st January 2022 21:17:14 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදාවේ 14 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ශ්‍රීලපාහ බලඇණි සංචාරයෙහි දෙවන අදියර සනිටුහන් කරමින් 2021 දෙසැම්බර් මස 09 වන දින පිළිවෙලින් 24 ශ්‍රීලපාහ , 5 (සෙව්) ශ්‍රීලපාහ හා 6 ශ්‍රීලපාහ ඒකකයන්ද, 2021 දෙසැම්බර් මස 10 වන දින 15 ශ්‍රීලපාහ යන ඒකකයෙහිද සංචාරය කරන ලදී.

  • තිස් දෙවසරක අභිමානය සැමරූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව

    25th October 2021 12:47:44 Hours

    වසර 140 කට වැඩි පෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජි‍මේන්තුව සිය අභිමානවත් 32 වන සංවත්සරය 2021 ක් වු ඔක්තෝබර් මස 23 වන දින ඉතා උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීය. ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය 1989 ජුනි මස 30 වන දිනට යුද්ධ හමුදා විශේෂ නියෝගයට අනුව පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ, 1 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව ස්ථාපිතව තිබූ භූමියේදී වර්ෂ 1989 ක් වු ඔක්තෝබර් මස 23 වන දින රෙජිමේන්තු ධජය ඔසවා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය ආරම්භ කරන ලද අතර එදා මෙදා තුර “සේවය කරමි” යන ආදර්ශ පාඨය පෙරදැරිව මාතෘ භූමියේ ස්වෛරිභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරක්ෂා කිරීම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරනු ලබයි.

  • රෙම ශ්‍රීලපාහ රණවිරු නිවාස ව්‍යාපෘතිය ''රණවිරු හිසට නව සෙවණක්"

    22nd October 2021 09:34:05 Hours

    රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති තුමන්ගේ සංකල්පයක් මත රෙජිමේන්තුවට අයත් රණවිරුවන් වෙත නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද අතර, එය රෙජිමේන්තුවේ සියලු බළඇණි නියෝජනය වන පරිදි ක්‍රියාත්මක විය. මෙහිදී එක් බළඇණියක් විසින් තෝරාගත් එක් රණවිරුවෙකු හට නිවසක් ඉදිකර දීම සිදුකළ අතර, මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නිවාස 20ක් වීරෝධාර රණවිරුවන් හට ප්‍රදානය කිරීමට සැළසුම් කෙරිණි.

  • රෙජිමේන්තු අධිපතිගේ ශ්‍රීලපාහ බළඇණි සංචාරය

    21st September 2021 19:16:22 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදාවේ 14 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ශ්‍රීලපාහ බලඇණි සංචාරයෙහි පළමු අධියර සනිටුහන් කරමින් 2021 සැප්තැම්බර් මස 16 වන දින පිළිවෙලින් 16 (සෙව්) , 9 (සෙව්) හා 11 ශ්‍රීලපාහ ඒකකයන්ද, 2021 සැප්තැම්බර් මස 17 වන දින පිළිවලින් 20, 19, 10 හා 17 (සෙව්) ශ්‍රීලපාහ යන ඒකකයන්ද, අවසන් වශයෙන් 2021 සැප්තැම්බර් මස 18 වන දින පිළිවලින් 7, 12, 23 හා 14 (සෙව්) ශ්‍රීලපාහ ඒකකයන්හීද සංචාරය කරන ලදී.

  • නිවසක් නොමැති රණවිරුවෙකු හට නව නිවසක් ඉදිකර දීම

    13th September 2021 16:49:59 Hours

    රෙඡිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිවිපී ආර්එස්පී එන්ඩියූ යන ජ්‍යේෂ්ඨ නිලධාරිතුමන්ගේ සංකල්පයක් මත ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී ශිරෝමාලා කොඩිතුවක්කු මැතිණියගේ පූර්ණ මග පෙන්වීම මත ක්‍රියාවට නංවන ලද ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියළුම ඒකකයන් නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති රණවිරුවෙකු හට නිවසක් ඉදිකර දීමේ මහඟු සත්කාර්යේ දෙවන පියවර යටතේ 9 (සෙව්) ශ්‍රීලපාහ ඒකකයේ ශ්‍රම දායකත්වයෙන් අංක 50/06, මගුල් දමන, පැලැටියාව, පොළොන්නරුව ලිපිනයේ පදිංචි එම ඒකකයට අයත් සෙ/9ඩි01460 කෝප්‍රල් මහකුමාර එම්කේඩීඑස් හට රුපියල් ලක්‍ෂ 1,500,000.00 ක් වටිනා නව නිවසක් ඉදිකර 2021.09.05 දින 1010 පැයට යෙදුන සුභ මොහොතින් නිවාසලාභී කොනොනි හට ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මහකාරක සභාවේ ජ්‍යේෂ්ඨ සමාඡික හා නැගෙනහිර ආරක්‍ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් සීඩී වීරසුරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යේෂ්ඨ නිලධාරි තුමාගේ සභාගිත්වයෙන් නිවසේ යතුර භාරදෙන ලදී.