Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

31st December 2023 11:37:43 Hours

රණවිරු පවුලට විරු සවියෙන් නව නිවසක්

රෙජිමේන්තු අධිපතිගේ උදාරතර සංකල්පයක් මත දියත් කරන ලද පුර්ණ නිවාස ව්‍යාපෘතියේ II වන අදියර යටතේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය වන පරිදි එක් බලඇණියක් විසින් නිවසක් නොමැති රණවිරුවකු වෙත නිවසක් ඉදිකර දීම සිදුකරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය යටතේ 11 ශ්‍රීලපාහ බළඇණියට අයත් සෙ/325777 සැරයන් රණතුංග එම්එස්කේ ජෙකොනොනි වෙනුවෙන් නිවසක් තනාදීමේ කටයුතු 11 ශ්‍රීලපාහ බළඇණීයේ අණදෙන නිලධාරී මේජර් කේවීඑස්එස් විතානගේ යූඑස්පී ශ්‍රීලපාහ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම මත සිදුකරන ලදී. නිවසේ ඉදිකිරීම් කටයුතු බළඇණියේ නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ මූල්‍ය හා ශ්‍රම දායකත්වය මත සිදුකළ අතර, වැඩ නිමකළ නව නිවස පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සුරතින් 2023.12.30 වන දිනට යෙදුනු සුබ මොහොතින් විවෘත කර නිවැසියන් වෙත ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා සේවාවනිතා ගරු සභාපතිනි උත්පලා හෙටිආරච්චි මැතිනිය හා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක සමගින් 11 ශ්‍රීලපාහ බළඇණියේ නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූ අතර, රෙජිමේන්තු අධිපති විසින් නිවස ඉදිකිරීම සඳහා දායකත්වය සැපයූ බළඇණී සාමාජිකයින් සියලුම දෙනා වෙත ත්‍යාග පිරිනැමීමද මෙම අවස්ථාවේදී සිදුකරන ලදී.