06th December 2023 21:03:57 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය හා ඒ යටතේ පාලනය වන බළඇණි වෙත මනා නායකත්වයක් ලබාදෙමින් රෙජිමේන්තුවේ අභිවෘද්ධිය උදෙසා ඉමහත් සේවාවක් සිදුකළ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී 2023.12.06 වන දින සිය ධූරයෙන් නික්ම යන ලදී.
01st December 2023 22:20:29 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ඉපැරණි ඉතිහාසයට තවත් අමරණිය මතක සටහනක් එක් කරමින් 2023 වසරේ යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ තරගාවලියේදී රෙජිමේන්තු 20 ක් අභිබවා අකර්ෂනීය ලකුණු ප්‍රතිශතයක් ලබාගනිමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට පියවර කෝදු තරඟයේ ශූරතාවය පාබල හමුදා රෙජිමේන්තුව විසින් හිමිකරගැනීමට සමත්විය. 2022 වසරේ සරඹ තාරඟාවලියේදී සමස්ත ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා පාබල හමුදා සරඹ කණ්ඩායම මෙවර දෙවන ස්ථානය හිමිකරගත් අතර, තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් 2023.11.30 වන දින පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේ දී අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබූ අතර, උත්සවය නැරඹීම සඳහා දිවයිනේ සුප්‍රසිද්ධ පාසල් 23 ක් නියෝජනය කරමින් පාසල් ළමුන් 500 ක් පමණ සහභාගී වූහ.
20th November 2023 21:32:23 Hours
විජේසුන්දර මුදියන්සේලාගේ රංජිත් විජේසුන්දර නමින් 1957 මාර්තු 15 වෙනි දින කොළඹ ගෞරවනීය පවුලක උපත ලැබූ මෙතුමන් මූලික අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ උසස් අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හදාරන ලද විශිෂ්ට පෞරුෂයකින් හෙබි ශාස්ත්‍රීය හා ක්‍රීඩා යන අංශ දෙකෙන්ම දස්කම් දැක්වූ සිසුවෙකි. පාසල් අධ්‍යාපනයට සමුදුන් විජේසුන්දර තරුණයා 1978 ජුලි 03 වැනි දින මාතෘභූමියට සේවය කිරීමේ අරමුණ ඇතිව ආධුනික කෙඩෙට් නිලධාරීයෙකු ලෙස පාඨමාලා අංක 10 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්විය. දියතලාව යුද හමුදා විද්‍යාපීඨයෙන් මූලික හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව 1980 ජනවාරි 23 වැනි දින දෙවැනි ලුතිතන්වරයකු ලෙස ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට එක්විය. යුද්ධ හමුදාව තුළ දී මෙතුමන් දැක්වූ නිපුණතාවය හා කැපවීම මත 1981 ජූලි 23 වන දින ලුතිතන් නිලයටද, 1984 ජූලි 23 වන දින කපිතන් නිලයටද, 1987 ජූලි 23 වන දින මේජර් නිලයටද උසස් කරන ලද අතර, 1993 දෙසැම්බර් 16 වන දින 10 ශ්‍රීලපාහ බළඇණියේ මෙහෙයවීමේ ප්‍රථම නියමුවා වීමේ භාග්‍යද උදාකරගත් මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී රාජකාරියේදී දැක්වූ විශිෂ්ට නායකත්වය මත 1994 ජනවාරි 01 වන දින ලුතිතන් කර්නල් නිලයටත්, අනතුරුව 1997 ජූනි 06 වන දින කර්නල් නිලයටත් උසස් කරන ලදී.
14th November 2023 21:35:03 Hours
යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් පරිදි ආධුණික පුහුණු සම්බන්ධීකරණ අංශය - පුත්තලම අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයට අයත් බුස්ස පුහුණු පාසල වෙතින් ආරම්භ කරන ලද ආධුණික පුහුණු පාඨමාලා අංක 108 (නිත්‍ය) හි ආරම්භක දේශණය පුහුණු පාසැලෙහි සේනාවිධායක ලුතිතන් කර්නල් එච්ඒඩීවීකේ ඇලෙක්සැන්ඩර් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ශ්‍රීලපාහගේ ආරාධනයෙන් ශ්‍රීලපාහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් 2023.10.30 වන දින පුහුණු පාසල් දේශණ ශාලාවේදී පවත්වන ලදී.
10th November 2023 16:50:57 Hours
වසර 33 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් ඩබ්ලිව්එස්කේ ලියනවඩුගේ ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2023 නොවැම්බර් මස 10 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
29th October 2023 15:13:12 Hours
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව සිය අභිමානවත් 142 වැනි සංවත්සරය 2023 ක්වූ ඔක්තෝබර් මස 23 වන දින ඉතා උත්සවශ්‍රීයෙන් අභිමානවත්ව සැමරූ ලැබූ අතර, එයට සමගාමීව 2023.10.28 වන දින ''අභිමන් මුදුනත" රණවිරු ස්මාරකය අභියස දී රණවිරු සැමරුම් උළෙලක් පවත්වන ලදී.
25th October 2023 17:00:35 Hours
මේජර් ජෙනරාල් ආර්කේඑන්සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරී 1988.07.26 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ඇතුළත්ව දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික යුද පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු 1990.06.09 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 6 වන බළඇණිය වෙත ඛණ්ඩභාර නිලධාරියෙකු ලෙස ඇතුළත් වන ලදී. පසුව එම බළඇණිය තුළ වැඩබලන අණදෙන නිලධාරී තනතුර දක්වා දැරියයුතු සියලුම තනතුරු හොබවා අණදෙන නිලධාරියෙකු ලෙස 3 වන ආධාරක බළඇණිය ශ්‍රීලපාහ සහ 27 ශ්‍රීලපාහ බළඇණිය යන බළඇණි මෙහෙයවීමේ මහඟු භාග්‍ය ද උදාකරගන්නා ලදී.
14th October 2023 22:30:37 Hours
පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සංකල්පයක් මත සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි උත්පලා හෙට්ටිආරච්චි මහත්මියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත රණවිරු දූදරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2023.10.14 වන දින රෙජිමේන්තු ශ්‍රවනාගාරයේදී සිදුකරන ලදී.
16th September 2023 22:01:09 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ බළඇණි සංචාරය සනිටුහන් කරමින් 2023 සැප්තැම්බර් මස 16 වන දින රෙජිමූබ ශ්‍රීලපාහ බළඇණියේ නිරීක්‍ෂණ සංචාරයක නිරතවන ලදී.
08th September 2023 10:35:28 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය වෙතින් සංවිධානය කරන ලද කඹ ඇඳීමේ ශූරතා තරඟාවලිය 2023.09.06 සහ 07 යන දිනයන් තුළ රෙම ශ්‍රීලපාහ රසල් හයින් ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.