Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

01st December 2023 22:20:29 Hours

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ තරඟාවලියේදී රෙජිමේන්තු 20 ක් අභිබවා පියවර කෝදු ශූරතාවය හා සරඹ තරඟයේ අනුශූරතාවය පාබල හමුදා රෙජිමේන්තුව හිමිකරගත් වගයි...

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ඉපැරණි ඉතිහාසයට තවත් අමරණිය මතක සටහනක් එක් කරමින් 2023 වසරේ යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ තරගාවලියේදී රෙජිමේන්තු 20 ක් අභිබවා අකර්ෂනීය ලකුණු ප්‍රතිශතයක් ලබාගනිමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට පියවර කෝදු තරඟයේ ශූරතාවය පාබල හමුදා රෙජිමේන්තුව විසින් හිමිකරගැනීමට සමත්විය. 2022‍ වසරේ සරඹ තාරඟාවලියේදී සමස්ත ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා පාබල හමුදා සරඹ කණ්ඩායම මෙවර දෙවන ස්ථානය හිමිකරගත් අතර, තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් 2023.11.30 වන දින පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේ දී අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබූ අතර, උත්සවය නැරඹීම සඳහා දිවයිනේ සුප්‍රසිද්ධ පාසල් 23 ක් නියෝජනය කරමින් පාසල් ළමුන් 500 ක් පමණ සහභාගී වූහ.

පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ උපදෙස් හා මගපෙන්විම යටතේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකගේ අධීක්ෂණය යටතේ හා රෙජිමේන්තුවේ අනෙකුත් ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ කැපවීම මත දීර්ඝ කාලයක් තිස්සේ වෙහෙස මහන්සි වී ලැබූ පුහුණුවෙහි සාර්ථක ප්‍රථිපලය පාබල හමුදා රෙජිමේන්තුවට මෙලෙස හිමිකරගැනීමට හැකිවිය. තරගාවලියේ දී කපිතන් ආර්වී කුලරත්න ශ්‍රීලපාහ තරඟාවලියේ හොදම අණදෙන්නා ලෙස කුසලානය හිමිකරගන්නා ලද අතර, දක්ෂතම සරඹ උපදේශක ඉසව්වේ දෙවන ස්ථානය බලලත් නිලධාරී II සමන්ත බණ්ඩාර ටීඑම් (යූඑස්පී) විසින් හිමිකරගන්නා ලදී.

මෙම සුවිශේෂී ජයග්‍රහණය උදෙසා මූලිකත්වය ගෙන ක්‍රියා කළ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු නිලධාරීන්ටත්, රෙජිමේන්තු සැරයන් මේජර් හා ප්‍රධාන සරඹ උපදේශක ඇතුළු සියලුම ජ්‍යේකොනින් හා සෙසුනිලයින්ටත් රෙජිමේන්තු අධිපති විසින් තම කෘතඥතාවය පලකරන ලදී.