Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

මුල් පුවත

  • නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් චන්න වීරසූරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු රාජකාරි අරඹයි

    29th January 2021 14:16:47 Hours

    නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ 21 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් චන්න වීරසූරීය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු 2021-01-25 වන දින වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කළේය.

  • යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ලෙස මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු රාජකාරී අරඹයි

    29th January 2021 14:11:03 Hours

    යුද්ධ හමුදා මූලස්ථානයේ 32 වන උපකරණ මාස්ටර් ජෙනරල් ලෙස මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු 2021-01-19 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරල් කාර්යාලයේදී පැවති උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.

  • බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව අඥාපති ලෙස මේජර් ජෙනරල් වසන්ත ආබ්‍රේව් රාජකාරි අරඹයි

    29th January 2021 14:02:43 Hours

    බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ 09 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් වසන්ත ආබ්‍රේව් 2020-12-08 වන දින පනාගොඩ පිහිටි බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

  • ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමාගේ ශ්‍රීලපාහ ඒකක සංචාරයේ දෙවන අධියර

    29th January 2021 13:37:36 Hours

    ශ්‍රිලංකා පාබල හමුදාවේ 13 වන රෙජිමේන්තු අධිපති ලෙස පත්වු මේජර් ජෙනරාල් කේඩබ්ලිව්ආර් ද අබ්‍රේව් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි එච්ඩිඑම්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ශ්‍රිලපාහ ඒකක සංචාරය දෙවන අධියර සනිටුහන් කරමින් 2021 ජනවාරි 22 වන දින සිට 24 වන දින දක්වා 6, 9(සෙව්), 16(සෙව්) 11, 7, 23,12,14(සෙව්),15, යන ශ්‍රිලපාහ ඒකකයන් හි සිදු කරන ලදි. ශ්‍රිලපාහ ඒකකයන් හි නිලධාරින් හා සෙසුනිලයින්ගේ අවශ්‍යතා පිළිබඳ සහ ඔවුන්ගේ ඉදිරි අභිවෘද්ධිය සඳහා වු සියලු පාලන කටයුතු විධිමත්ව සිදුකිරිම පිළිබඳව සොයා බැලිම මෙම ඒකක සංචාරයේ මුලික පරමාර්ථය විය.

  • නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

    29th January 2021 13:32:41 Hours

    ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමෙන්තු අධිපති තුමන්ගේ සංකල්පයක් මත දියත්කරන ලද පාබල හමුදා රෙජිමේන්තුවේ සියළුම ඒකක නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති රණවිරුවකු හට නිවසක් ඉදිකර දිමේ ව්‍යපෘතිය යටතේ නිවාස 20 ඉදිකර දිමේ සද්කාර්යයේදි 8ශ්‍රිලපාහ ඒකකයේ මුල්‍ය හා ශ්‍රම දායකත්වය යටතේ කිරිවැල්කැලේ, 2පියවර, දෑරංගල පිටබැද්දර, අකුරැස්ස ලිපිනයේ පදිංච් දැනට 8 ශ්‍රිලපාහ ඒකකයේ සේවයේ නියතු සෙ/316586 සැරයන් ග්‍රේ එල් ආර්එස්පි, යන අය හට රු: 1,399563.77 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුත් අංග සම්පුර්ණ නිවස ඒකක අණදෙන නිළධාරිතුමාගේ ගෞරවනිය ආරාධනය මත ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති කේඩබ්ලිව්ආර් ද ආබ්‍රේව් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පීඑස්සී එච්ඩීඑම්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් 2021.01.21 වන දින 10.16 පැයට යෙදුනු සුභ මොහොතින් ඉහත ජ්‍යෙකොනොනි හට භාරදෙන ලදි.

  • නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

    29th January 2021 13:26:49 Hours

    ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමෙන්තු අධිපති තුමන්ගේ සංකල්පයක් මත දියත්කරන ලද පාබල හමුදා රෙජිමේන්තුවේ සියළුම ඒකක නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති රණවිරුවකු හට නිවසක් ඉදිකර දිමේ ව්‍යපෘතිය යටතේ නිවාස 20 ඉදිකර දිමේ සද්කාර්යයේදි 17 (සෙව්) ශ්‍රිලපාහ ඒකකයේ මුල්‍ය හා ශ්‍රම දායකත්වය යටතේ නො: 109/1 මුල්ලේගම,නවගත්තේගම ලිපිනයේ පදිංච් සෙ/22ඩි00274 ලා/කෝ බස්නායක බිඑම්ඒඑස්, යන අය හට රු: 1,399563.77 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුත් අංග සම්පුර්ණ නිවස ඒකක අණදෙන නිළධාරිතුමාගේ ගෞරවනිය ආරාධනය මත නුදුරෙදි ආරක්‍ෂකසේනා (නැගෙනහිර) ආඥාපති ලෙස වැඩභාර ගැනිමට නියමිත හා රෙජිමේන්තු මාහාකරක සභාවේ ජ්‍යෙෂ්ඨ සමාජික මේජර් ජෙනරාල් සිඩි විරසුරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් 2021.01.19 වන දින 13.46 පැයට යෙදුනු සුභ මොහොතින් ඉහත කොනොනි හට භාරදෙන ලදි.

  • නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

    29th January 2021 13:22:05 Hours

    වත්මන් යුද්ධහමුදාධිපති තුමන්ගේ සංකල්පයක් මත ක්‍රියත්මක නිවාස නොමැති රණවිරුවන් හට පුර්ණ නිවාස ඉදිකරදිමේ ව්‍යපතිය යටතේ ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මියගිය හා අබාධිත සෙසුනිලයින්ගේ ලගම ඥාතින් හට නිවසක් ඉදිකර දිමේ වැඩසටහන යටතේ නිවාස 04 ඉදිකර දිමේ සද්කාර්යයේදි, 15 ශ්‍රිලපාහ ඒකකයේ ශ්‍රම දායකත්වය යටතේ 2008.07.20 වන දින මානුෂිය මෙහෙයුම 2 ක්‍රියාන්විතයේදි වැලිඔය ප්‍රදේශයේදි පුද්ගල නාශක බිම් බෝම්බයකට හසුවිමේන් තම වම්පාදය දන හිසට පහලින් ඉවත් කර ඇති කොහොඹ කඩවල තලාව, ලිපිනයේ පදිංචි සෙ/321188 සැරයන් කුමාර එස්එස් (ආර්එස්පි) යන ජෙකොනොනි හට රු: 1500,000’00 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුත් අංග සම්පුර්ණ නිවස ඒකක අණදෙන නිලධාරිතුමගේ ගෞරවනිය ආරාධනය මත නුදුරේදි ආරක්‍ෂකසේනා (නැගෙනහිර) ආඥාපති වශයෙන් වැඩභාර ගැනිමට නියමිත හා රෙජිමේන්තු මාහකරක සභාවේ ජ්‍යෙෂ්ඨ සමාජික මේජර් ජෙනරාල් සිඩි විරසුරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් 2021.01.19 වන දින 10.34 පැයට යෙදුනු සුභ මොහොතින් ඉහත ජෙකොනොනි හට භාරදෙන ලදි.

  • නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

    19th January 2021 06:43:09 Hours

    වත්මන් යුද්ධහමුදාධිපති තුමන්ගේ සංකල්පයක් මත ක්‍රියත්මක නිවාස නොමැති රණවිරුවන් හට පුර්ණ නිවාස ඉදිකරදිමේ ව්‍යපතිය v යටතේ ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 10 ශ්‍රිලපාහ ඒකකයේ ශ්‍රම දායකත්වයෙන් එම ඒකකය යටතේ සේවය කර 2008.04.03 දින වවුනියාව මන්නාරම් මාර්ගයේ අඔවත්ත ප්‍රදේශයේදි ක්‍රියාන්විත හේතුන් මත තම මාතෘ භූමියේ භෞමික අඛන්ඩතාවය සුරකිමේ පරම අධිෂ්ඨානයෙන් යුතුව තම ජිවිතය පුදකල දෙල්දෙනිවත්ත සියඔලාවත්ත, හෙම්මාතගම ලිපිනයේ පදිංචිව සිට මියගිය සෙ/314955 ලා/කෝ කල්වාන කේආර්කේඒ කොනොනිගේ ආදරණිය බිරිද වන ටිඒ සුමාලි රාජසේකර යන අය හට රු: 1500000.00 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුත් අංග සම්පුර්ණ නිවස ඒකක අණදෙන නිළධාරිතුමාගේ ගෞරවනිය ආරාධනය මත රෙජිමේන්තු අධිපති තුමන්ගේ සුරතින් 2021.01.15 වන දින 09.03 පැයට යෙදුනු සුභ මොහොතින් නිළධාරිගේ ආදරණිය බිරිද හට භාරදෙන ලදි.

  • අභිනවයෙන් පත් වු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ටිසිකේ පිරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී

    09th January 2021 00:38:12 Hours

    වර්ෂ 1968 ක් වු ජුනි මස 24 වන දින නිමල් පීරිස් පියානන්ට හා ශර්ලි පීරිස් මෑණියන්ට දාව මොරටුව මහ රෝහලේදී ජන්ම ලැබු ක්‍රිශාන්ත පිරිස් සිසුවා මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය වෙතින් උසස් අධ්‍යාපනය දක්වා සිප්සතර හදාරා ඇත. තම ස්වකීය පාසැල් දිවියේදී කැපී පෙනෙන දස්කම් දක්වා ඇති මෙම සිසුවා අධ්‍යාපන කටයුතු වලදී මෙන්ම පාසැලේ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසත් ශිෂ්‍යභට කණ්ඩයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙසත් විෂය භාහිර ක්‍රියා කාරකම් වලදී මෙන්ම පොදු කටයුතු වලදීද දීප්තිමත් ශිෂ්‍යයෙකු වශයෙන් නායකත්වයේ උතුම් ගුණාංග විදහාපා ඇත.

  • ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අද්වීතිය හා නොමැකෙන සේවාවක් ඉටු කර ධුරයෙන් නික්ම යන මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩිඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි

    09th January 2021 00:29:24 Hours

    දශක 14 කට හෙවත් පුරා වර්ෂ 140 කට පෞඩ ඉතිහාසයක් හිමි පාබල හමුදා වංශකථාවෙහි නව පරිච්ජේදයක් සනිටුහන් කරමින් රටක් බතින් බුලතින් සහ කෘෂිකර්මයෙන් සමෘද්ධිමත් කරන්නාසේ පාබල හමුදා මාතාව පෙර නොවු විරු සමෘද්ධිමත් ස්ථානයකට ඔසවා තැබීමට අප්‍රමාණ උත්සාහයෙන් සහා මනාකැපවිමෙන් හා උත්කෘෂ්ඨ නායකත්වයක් ප්‍රදර්ශණය කර රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දියුණුව ප්‍රතක්‍ෂ කිරිම සදහා දිවා රාත්‍රි අව් වැසි නොතකා අපමණ වෙහෙසක් දරා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි සහ යටතෙහි වන ඒකකයන් හට මනා නායකත්වයක් ලබාදෙමින් රෙජිමේන්තු අධිපති වරුන් 05 දෙනෙකු වෙත ඔවුන්ගේ කාර්ය භාරයන් හා රෙජිමේන්තු වගකීම් අනර්ඝව ඉටුකිරීම සදහා මහත් පිටිවහලක් වු බ්‍රිගේඩිය ඩිඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි සිය දුරයේන් 2021.01.07 දින නික්ම යන ලදි