Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

14th October 2023 22:30:37 Hours

රණවිරු දූදරුවන් වෙත සේවාවනිතා ශිෂ්‍යාධාර

පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සංකල්පයක් මත සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි උත්පලා හෙට්ටිආරච්චි මහත්මියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත රණවිරු දූදරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2023.10.14 වන දින රෙජිමේන්තු ශ්‍රවනාගාරයේදී සිදුකරන ලදී.

පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් රුපියල් 1158500.00 ක මුදලක් වැයකරමින් ක්‍රියාන්විතයේදී ත්‍රස්ථවාදී ප්‍රහාරයන්ට ළක්ව මියගිය/අතුරුදහන්, රණක්‍ෂිතයට පත් හා සේවයේ යෙදී සිටින නිලධාරි සහ සෙසු නිලයින්ගේ මෙන්ම සිවිල් සේවක මහතුන්ගේ අධ්‍යපනය හදාරනු ලබන දුවාදරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කළ අතර, ඒ සඳහා 2022 වර්ෂයේ අපොස (උ/පෙළ) ඒ සාමාර්ථ 03 ක් ලබා ගත් දරුවන් ඇගයීමට ලක්කර එක් අයෙකු සඳහා රුපියල් 20,000.00 ක ශීෂ්‍යවත්ව පිරිනැමූ අතර, 2023 ලෝක ළමා දිනයට සමගාමීව මෙම රෙජිමේන්තුවේ සේවය කරනු ලබන සෙසුනිලයින්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ පවුල්වල දරුවන් 4 දෙනෙකු හෝ ඊට වැඩි දරුවන් සිටින අයවලුන්ගෙන් තෝරාගත් එක් දරුවෙකුගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් මසකට රු: 10,000.00 බැගින් මාස 03 ක් සඳහා රු: 30000.00ක මුදලක්ද, විවිධ දුෂ්කරතා ඇති රණවිරුවන්ගේ දූදරුවන් 29 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ කට්ටලයක් බැගින්ද මෙහිදී ප්‍රදානය තරන ලදී.

තවද සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින් වෙනුවෙන් කරාපිටිය ශික්ෂණ රොහලේ වෛද්‍ය රූමි රූබන් මහතා විසින් “අන්තර් පුද්ගල චිකිත්සාව” යන මැයෙන් ඉතාමත් කාලොචිත දේශණයක් ද සිදුකරන ලද අතර, මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන වැඩබලන සේනාවිධායක ඇතුලු මාණ්ඩලික නිලධාරීන් හා සේවාවනිතා ශාඛාවේ ජ්‍යේෂ්ඨ සමාජිකාවන් එහි කාර්යමණ්ඩලයේ පිරිසක් සහභාගී විය.