Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

08th September 2023 10:35:28 Hours

2023 ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා කඹ ඇදීමේ ශූරතා තරඟාවලියේ සමස්ත ශූරතාවය හිමිකරගැනීමට රෙම ශ්‍රීලපාහ කඹ කණ්ඩායම සමත්වෙයි...

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය වෙතින් සංවිධානය කරන ලද කඹ ඇඳීමේ ශූරතා තරඟාවලිය 2023.09.06 සහ 07 යන දිනයන් තුළ රෙම ශ්‍රීලපාහ රසල් හයින් ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

රෙජිමේන්තු අතර කරට කර පැවති උණුසුම් තරඟ වට කිහිපයකින් පසු ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු කඹ ඇදීමේ කණ්ඩායම හා ගජබා රෙජිමේන්තු කඹ ඇදීමේ කණ්ඩායම සමඟ අවසන් වටය දක්වා පැමිණ අති විශිෂ්ට තරඟයකින් පසුව සහභාගී වූ සියලූ රෙජිමේන්තු කඹ කණ්ඩායම් අභිබවා තරඟාවලියේ සමස්ත ශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා පාබල හමුදා ක්‍රීඩකයන් සමත් විය. පසුගිය වසරේ ද ශූරතාවය හිමිකරගත් රෙම ශ්‍රීලපාහ කණ්ඩායම මෙවරද තම දක්ෂතා දක්වමින් ශූරතාවය හිමිකරගැනීම විශේෂත්වයකි.

නොකඩවා වසර 05ක් ශූරතාවය හිමිකරගනිමින් පාබල හමුදා රෙජිමේන්තුවේ ජයග්‍රාහී ජවසම්පන්න ක්‍රීඩකයින් වෙත රෙජිමේන්තු අධිපති ඇතුළු සියලුම නිලයින්ගේ හදපිරි සුබපැතුම් මෙලෙස එක්කරන්නෙමු.